කොවිඩ් 19 වෛරසය ආසාදනය වු බවට තහවුරු වූ රෝගින් සිය දෙනකු සදහා නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කළ තෙල්දෙණිය රෝහල අද (31) පෙරවරු 9.00 ට විවෘත කෙරේ.
මුලින්ම රෝහලට කොවිඩ් රෝගීන් 21 දෙනෙක් ඇතුළත් කිරීමට නියමිතය. නිරෝධායන මූලධර්මවලට අනුගතව සියලු පහසුකම් සහිතව ඉදි කළ මේ නව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් ප්‍රමාණය හතරේ සිට දොලහක් දක්වා වැඩි කර තිබෙන බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් රත්නායක පැවසීය.
වර්ෂ 2018 දී මෙම තෙල්දෙණිය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කර රෝහලට විශේෂිත ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දුන්නේය. සියලු පහසුකම් සහිත කොවිඩ් නිරෝධායන රෝහලක් බවට තෙල්දෙණිය රෝහල පරිවර්තනය වන්නේ පල්ලෙකැලේ යුධහමුදා කඳවුරේ මැදිහත් වීමෙනි.