අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල්දෙණිය අධ්‍යාපන කාර්යාලය චක්‍රලේඛ උල්ලංඝණය කර මුරකරුවන් 44කට ලක්ෂ 65ක් ගෙවලා…

by editor
සැප්තැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාතේ තෙල්දෙණිය අධ්‍යාපන කොට්ඨාසයේ කම්කරු හා මුරකරු සේවයේ නියුක්ත පුද්ගලයින් 44 දෙනෙකුට රුපියල් හැටපන් ලක්ෂ හැත්තෑ දෙදහස් හයසිය හැත්තෑ හතක මුදලක් (6572677.00) තෙල්දෙණිය අධ්‍යාපන කාර්යාලය    අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛණ උල්ලංඝනය කරමින් ගෙවා තිබෙන බව විගණන විමසුමකින් හෙළිව තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දුෂ්කර හා අතිදුෂ්කර දීමනා ගෙවීමට අදාළව 2005 ජනවාරි 18 දින නිකුත් කළ අංක 2005/02 දරන චක්‍රලේඛණය උල්ලංඝනය කරමින්  2005 සිට 2022 ජූලි මස දක්වා වසර 17 ක කාලයක් මෙම ගෙවීම් සිදුකර තිබෙන බව හෙළිව ඇත.

මෙම ගෙවීම් සිදුකර තිබෙන්නේ 2019 ඔක්තෝම්බර් මාසයට පසු විශ්‍රාම ගත් හා දැනට සේවයේ නියුක්ත කම්කරු හා මුරකුරු සේවකයින් සඳහා බවත් 2005 සිට 2019 ඔක්තෝම්බර් දක්වා කාලය තුළ අදාළ පාසල් වල සේවය කර විශ්‍රාම ගත් සේවකයින් සඳහා චක්‍රලේඛණයට පටහැනිව ගෙවනු ලැබූ මුදල තහවුරු කර ගැනීමට අවශ්‍යය තොරතුරු තෙල්දෙණිය කළාප අධ්‍යාපන බලධාරීන් විගණනයට ලබා නොදුන් බවත් ආදළ වාර්තාවේ සඳහන් වෙයි.

දුෂ්කර හා අතිදුෂ්කර පාසල් වල ගුරු හිඟය පියවීම සඳහා ගුරුවරුන් බෙදා හැරීම විධිමත් කිරීම හා එවැනි පාසල් වල සේවය කරන ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට මූල්‍යමය දිරි ගැන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමත්‍යාංශ ලේකම්වරයා 2005 වසරේදී නිකුත් කළ චක්‍රලේඛණයට අනුව විදුහල්පතිවරයෙකු හා ගුරුවරයෙකුට අති දුෂ්කර පාසලක සේවය කරත්දී රුපියල් 2500.00 ක දීමනාවක් ද දුෂ්කර පාසලක සේවය කරත්දී රුපියල් 1500.00 දීමනාවක්ද ගෙවනු ලැබේ.

එම දීමනාව ශිල්පීය නොවන සේවය ලෙස නම්කර තිබෙන පාසල් මුරකරු හා කම්කරු සේවකයින්ට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව චක්‍රලේඛණය මගින් පැහැදිලිව දක්වා තිබියදී තෙල්දෙණිය කලාප අධ්‍යාපන කාර්යාලය මගින් රුපියල් 6572677.00 ක අදාළ ගෙවීම් සිදුකර තිබෙන බව විගණන විමසුවේදී හෙළිව තිබේ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

විශේෂ දීමනාවක් ලබා ගැනීමට හිමිකම් තිබෙන නිලධාරීන් එම දීමනාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ යුතු වුවත් තෙල්දෙණිය කළාපයේ දුෂ්කර හා අතිදුෂ්කර දීමනා ලබාගෙන තිබූ විදුහල්පතිවරු හා ගුරුවරු මෙන්ම චක්‍රලේඛණයට පටහැනිව ගෙවීම් කර තිබූ ශිල්පීය නොවන සේවකයින් අදාළ ගෙවීම් ලබා ගැනීම සඳහා කිසිදු ඉල්ලීමක් කර නොතිබූ බවද විගණනයේදී නිරීක්ෂණය වී ඇත.

මහනුවර පිහිටි ජාතික විගණන උපකාර්යාලය මගින් සිදුකර තිබෙන මෙම විගණන විමසුම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර තිබෙන අතර එහි පිටපත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්,මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,තෙල්දෙණිය කළාප  අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමුකර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරිවාස සේවය සම්පූර්ණ නොකළ සේවකයින් 64ක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නෙරපයි!

Next Post

මහනුවර කටුකැලේ ජුම්මා මස්ජිද් පල්ලි අරාබි පාසලේ අභිධර්මය සහිත බුදු දහම ඉගැන්වීම අරඹයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.