ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුර්කි ගුවන් සේවයේ TK733 ගුවන් යානයේ ව්‍යසනය වළක්වා ගත් ආකාසයේ වීරයා…

by editor
දෙසැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට ලෝකයේම අවධානයට ලක්වෙමින් හදිසි ගොඩබෑමකට ලක් කළ    TK733  තුර්කි ගුවන්යානය කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලිලන් යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගොසිනි. මගීන් 202ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙක් සහිතව ඊයේ රාත්‍රියේ ගුවන් ගත වී යළි හදිසි ගොඩබෑමකට ලක් කළ යානයෙන් යළි පිටත් වී ගොස් තිබුණේ මගීන් 51ක් පමණි. යානය පස්වරු 5.41ට ගුවන්ගත වූ තුර්කිය බලා පියාසර කළේය.

ලෝකයේම අවධානයට ලක් වූ සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.  ඊයේ රාත්‍රියේ TK733  ගුවන් යානය පැය 7යි විනාඩි 30කින් තුර්කියේ ස්ථානබූල් තෙක් ගමන් කිරීම අරමුණු කරගත් දීර්ඝ චාරිකාවක් සඳහා ගුවන්ගත වූයේය.  මෙම එයාර්බස් A330 යානය කටුනායක ගුවන් තොටුපලින් ගුවන්ගත වන්නේ  රාත්‍රී 10:00 ට පමණය. ගුවන් සැරියට එක්වන මගීන් සහ කාර්යමණ්ඩලයේ මුළු සංඛ්‍යාව 212 කි.

ගුවන්ගත වී ඉතාම ස්වල්ප වේලාවකින් යානයේ සිදුවෙමින් ඇති බරපතල කාර්මික දෝෂයක් ගුවන් නියමුවරුන්   නිරීක්ෂණය කළේය. එය සිදුවන්නේ යානය ගුවන් ගත වීමෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත  ගොඩබෑමේ රෝද නිසි ආකාරයෙන් ක්‍රියාත්මකවන  ගියර් පද්ධතියේ අක්‍රමිකතාවයක් හඳුනා ගැනීමෙනි. ඉන් අනතුරුව එළඹෙන්නේ  ආරක්ෂිතව ගොඩබෑම සඳහා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතු තීරණාත්මක අංගයකි.

තත්වයේ බරපතලකම හඳුනා ගනිමින් ප්‍රධාන ගුවන් ගුවන් ගමන අත් හැර දැඩි    ආරක්ෂක විධිවිධාන අනුගමනය කිරීමට තීරණය කළේය. වහාම ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අමතා  යානය ආපසු හැරවීම සඳහා තීරණාත්මක ඉල්ලීමක් කළේය. මේ වනවිට යානයේ ගුවන් යානා ඉන්ධන ලීටර 97000ක් ගබඩා කර තිබිණි.    සම්මත හදිසි ක්‍රියා පටිපාටිවල කොටසක් ලෙස හදිසි ගොඩබෑමකට පෙර  අතිරික්ත ඉන්ධන දහනය කිරීම අවශ්‍යය.  මූලිකම අරමුණ ගොඩබෑමේ බර අඩු කිරීමය. මේ අභිලාෂය සහිතව ඉන් අනතුරුව යානය    හලාවත මුහුදට  ඉහළින්  ශ්‍රී ලංකා ගුවන් අවකාශයේ  රවුම් වශයෙන් ගමන් කරන්නට විය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

මේ වනවිට ගුවන් තොටුපළ බලධාරීන් ඕනෑම සිදුවීමක් සඳහා සූදානම්ව සිටියේය.  ගිනි නිවන භටයින්, ගිලන් රථ, වෛද්‍ය කණ්ඩායම් සහ ගලවා ගැනීමේ නිලධාරීන් සමඟ ධාවන පථය සම්පූර්ණ හදිසි සූදානමකින් සකසා තිබිනි.  මුහුදු තීරයේ ද ගලවා ගැනීමේ යාත්‍රා යොදවා තිබිණි.

ගුවන්ගත වී පැය දෙක හමාරකට පසු, එනම් අද අළුයම 12:28 ට පමණ, ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථයට ආරක්ෂිතව ගොඩ බැස්සේය.  එක් මගියෙකුට හෝ කාර්ය මණ්ඩලයට  සීරීමේ තුවාලයක් සිදුවූයේ නැත.   වෘත්තීමය ශික්ෂණය, පීඩනය අභිමුව ඇතිවන තත්ත්වයන් කළමනාකරණය කරගැනීමේ පරිචය, නොසැලෙන විශ්වාසය සහ තීව්‍ර  විනයගරුක ස්වරූපය මහා ව්‍යසනයන් වෙනස් කරන ආකාරය අප ඇස් පනාපිට දුටුවේය.

ගොඩබෑමේ ගියර් අක්‍රියතාවයට නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ විය. ලෝකයේම  ගුවන් සේවා නිලධාරීන්  යානයේ  ගුවන් කාර්ය මණ්ඩලයේ ක්‍රියාවන්ට ප්‍රශංසා කරන්නට වූයේය.

ගෙඩබැසීමෙන් පසු මගීන්ට සහාය වීමට සත්කාරක කණ්ඩායම් ඉදිරිපත් වී තිබිනි.  මගින් වෙනුවෙන් නවාතැන් සහ  ගමන් විකල්ප සම්පාදනය සිදුවිය.  . ගුවන් තොටුපළ මෙහෙයුම් අවම බාධාවකින් අඛණ්ඩව සිදුවිය.

මේ විශිෂ්ට ගුවන් නියමුවාගේ නම මේ අවස්ථාවේ බලධාරීන් විසින් නිකුත් කර නැත.  නමුත් ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය වේගයෙන් හා සංයමයෙන් තීරණ ගනිමින්  ආතති සහගත මොහොතක් කළමනාකරණය කළ වෘත්තීයභාවය  පිළිබඳ කතාවක්  ඉතිරිපත් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ හිටපු දීප්තිමත් පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර් ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කරයි…

Next Post

අම්බුළුවාව  ජෛව විවිධත්ව  සංකිරණයේ  කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  විධිමත් පරික්ෂණයක් පවත්වන්න… විගණනය නිර්දේශ කරයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.