භූ කම්පනය සිදුවූ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙක් ජීවත්ව සිටි බවට තොරතුරු ලැබී ඇතැයි ද ඉන් 13 දෙනෙක් නිරුපද්‍රිතව සිටින බව තහවුරු වූයේ යැයි ද තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක පවසයි.
” එක් කාන්තාවක් ගැන තොරතුරු නෑ. ඇය ගැන තොරතුරු අදාල තුර්කි ආයතන හරහා මේ වනවිට අපි සොයමින් ඉන්නවා.” තානාපතිවරිය සිංහල බීබීසී සේවය වෙත පවසා තිබිණි.
මේ වනවිට තුර්කියේ සහ සිරියාවේ මිය ගිය ගණන 4800 ඉක්මවා ගොස් ඇති බව විදේශ පුවත් ඒජන්සි වාර්තා කරයි. එය පන්දහස ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තුවාල කරුවන් සංඛ්‍යාව 15000 ඉක්මවා ගොස් ඇත. ගණනක් නැති නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වී තිබේ.
දැඩි අයපත් කාලගුණ තත්ත්වය මෙන්ම සිරියාව භූමියේ ඇති වී තිබෙන අධික හිම පතනය මුදවා ගැනීම් කටයුතු තවත් සංකීර්ණ කර තිබේ. ප
සුගිය සඳුදා ශ්‍රි ලංකා වේලාවෙන් උදෑසන 6.47ට පමණ රික්ටර් මාපකයේ 7.8ක් තරම් වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරු මේ වනවිට පසු කම්පන සියයකට වඩා සිදුවූ බවත්, ඉදිරියේ දී තවත් පසු කම්පන සිදුවිය හැකි බවත් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය නිවේදන කර ඇත.