සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තීරු බදු සියයට 20ට අඩු කරගන්න ආණ්ඩුව එක්සත් ජනපදය සමග ගැසූ බව කියන “ඩීල් එක” මෙන්න…

by editor
අගෝස්තු 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අගෝස්තු 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සියයට 30ක අනෝන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 20 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට පුළුල් පරාසයක සහන ලබා දුන් බව රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාව ආනයනය කරන කාර්මික සහ කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රමාණයක්  සඳහා මෙම සහන ලබා දී ඇති බව එම මූලාශ්‍ර අනාවරණය කර ඇත.

බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දුනීසියාව, පකිස්ථානය සහ වියට්නාමය සමඟ ඇති කරගත් ගිවිසුම් වලට සමානව, ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද අපනයන සඳහාවන සියලුම තීරුබදු ඉවත් කිරීමට එක්සත් ජනපදය දිගටම බලපෑම් කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන 1,161 ක් සහ කෘෂිකාර්මික නිෂ්පාදන 42 ක් සඳහා ද එක්සත් ජනපදය සියලුම තීරු බදු ඉවත් කිරීමට යෝජනා කර ඇති නමුත් ඇමරිකා එක්සත් ජනපදය සහන ලබා දෙන්නට යෝජනා කර ඇති කාර්මික අයිතම 1,161 න් කිසිවක් දැනට ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන නිශ්පාදන ලැයිස්තුවට ඇතුළත් නැති බව අනාවරණය වේ. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන අපනයනවලින් සියයට හැත්තෑවක් ඇඟලුම් වේ.

ඇමරිකාවේ  අරමුණ වන්නේ ආනයන සහ අපනයන වෙළඳ හිඟය අඩු කිරීම බවත් එය එක්සත් ජනපදය වෙත අපනයන අවස්ථා වැඩි කරමින් ලැබෙන වෙළෙඳපල ප්‍රවේශය ශ්‍රී ලංකාවට බෙහෙවින් වාසිදායක අවස්ථාවක් නිර්මාණය කරනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග පෙන්වා දී ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ශ්‍රී ලංකාවේ අරමුණ වන්නේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශතය අඩු කිරීම සඳහා බදු සහන ලබා ගත හැකි අපනයන භාණ්ඩ ලැයිස්තුවට අදාල අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීම බවත්, ප්‍රධාන වශයෙන් කාර්මික භාණ්ඩ,  ඇඟලුම්, පොල් අතුරු නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණත්,  ධීවර ක්ෂේත්‍ර සඳහා විවර වී ඇති අවස්ථාවලන් ප්‍රයෝජන ලබා ගැනීම බවත් එම මූලාශ්‍ර පැහැදිලි කර ඇත.

ජාත්‍යන්තර වෙළෙඳාමේ “වඩාත් ම හිතවාදී රටවල්” (MFN) යන මූලධර්මය යටතේ රටක් සියලු ම වෙළෙඳ හවුල්කරුවන්ගෙන් භාණ්ඩ සඳහා එක ම බද්දක් අය කළ යුතු ය යන සම්මතයක් තිබේ. ශ්‍රි ලංකාවෙන් ඇමරිකාව වෙත සිදුකරන සියලු අපනයන තවමත් MFN සම්මතයට යටත් වනු ඇති බව මූලාශ්‍ර තහවුරු කරයි.

“ එක්සත් ජනපදය විසින් යෝජිත ලයිස්තුවේ ඇති සමහරක් භාණ්ඩ සඳහා MFN සහ සියයට 10 ක අන්‍යෝන්‍ය තීරුබදු එකතු වනු ඇති. එම භාණ්ඩ 1,161 සහ කෘෂිකාර්මික භාණ්ඩ 42 ක ලැයිස්තුවෙන් ආවරණය නොවන ඕනෑම අපනයනයක් MFN සහ සියයට 20 ක අන්‍යෝන්‍ය තීරුබදුවලට යටත් වෙනවා.” මූලාශ්‍ර විසින් පැහැදිලි කර ඇත.

ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකාව එක්සත් ජනපදයෙන් ආනයනය කරන කාර්මික භාණ්ඩ 2,000 ට පමණ සහ කෘෂිකාර්මික නිෂ්පාදන අඩු ප්‍රමාණයකට සහන ලබා දී ඇත.

ඒ අනුව එක්සත් ජනපද භාණ්ඩවලින් “ඉතා ඉහළ ප්‍රතිශතයක්” දේශසීමා ගාස්තු නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නියමිතය බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වටිනා බොරතෙල් සහ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වටිනා LPG මිලදී ගැනීමට ද මෙම ගිවිසුම් හරහා එකඟ වී තිබේ.

එක්සත් ජනපදය කොංග්‍රසය විසින් අනුමත කරන ලද MFN තීරුබදු සඳහා කිසිදු රටකට නිදහස් කිරීම් ලබා දී නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන්තොටුපලේදීම විදේශිකයින්ට තාවකාලික ගමන් බලපත්‍ර !

Next Post

අද දෙවුන්දර වෙඩි තැබීම සීසීටීවී කැමරාවක…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.