ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පාලිත රංගේබණ්ඩාර අද (10) මීට ස්වල්ප වෙලාවකට පෙර මාධ්‍ය අමතා පැවසුවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අද (10) යළිත් වරක් ජනාධිපති කාර්යාලයේදී යළි කළ තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් නායකයින් සමඟ සාකච්ඡා කළ බවද මහලේකම්වරයා පැවසීය.
අලියා ලකුණින් තරග කරන්නේ කුමන පළාත් පාලන ආයතනවලටද, පොහොට්ටුව ලකුණින් තරග කරන්නේ කුමන පළාත් පාලන ආයතනවලටද යන්න පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බවද ඔහු සඳහන් කළේය.
ඇතැම් පළාත් පාලන ආයතන සඳහා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය පොදු සංකේතයක් භාවිත කිරීම සම්බන්ධයෙන් ද එකඟතාවකට පැමිණි බව ඔහු කීවේය.