දිනසේන රතුගමගේ –
යුද සමයේදී කාලතුවක්කු ප්‍රහාර වලින් විනාශයට පත්විය හැකි නිසා ආරක්ෂාව සදහා මැටි අතුරණ ලද ඓතිහාසික තෝනිගල සෙල්ලිපියේ මැටි තට්ටුව ඉවත් කිරීම සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඊයේ (16 ) ආරම්භ විය.
මෙම ඓතිහාසික තෝනිගල සෙල් ලිපිය වවුනියාව හොරොව්පතාන මාර්ගයේ සැතපුම් හයක පමණ දුරකින් පිහිටා ඇති අතර පුරාණ ලංකාවේ ආර්ථික ක්‍රමය හා බැංකු ක්‍රමය පිළිබදව පැරණිම ඓතිහාසික තොරතුරු හෙලි කරන දැනට කියවා ඇති එකම සෙල්ලිපිය වෙයි.
යුද සමයේදී එල්ල වූ කාලතුවක්කු ප්‍රහාර වලින් සෙල්ලිපියේ අක්ෂර වලට හානි සිදු විය හැකි නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එම සෙල්ලිපිය ආරක්ෂක අංශ වල සහය මත මැටි ආවරණයකින් වසා දැමූ අතර වසර තිහකට පමණ පසුව එම මැටි තට්ටුව ඉවත් කොට සෙල්ලිපියේ අක්ෂර යළි මතු කර ගැනීමේ කටයුතු ආරම්හ කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය හා නිර්දේශය මත එම නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුවඇටගම ආනන්ද මාහිමියන් ඇතුලු පළාතේ මහා සංඝ රත්නයේ අනුශාසකත්වයෙන් යුද හමුදාව සිවිල් ආරක්ෂක බලකාය එක්ව මෙම සෙල්ලිපියේ මැටි තට්ටුව ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
මේ කාර්යට වවුනියාව දිසාපතිවරයාගේද වවුනියාව දකුණු සිංහල කොටසේ ප්‍රාදේශීය ලේකම්වරයාගේද යුද හමුදා ප්‍රධානීන්ගේද සහය ලැබී තිබේ.