මැයි 09 දා රට ගිනි තැබූ අපරාධයට මුල පුරමින් ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය අසල උද්ඝෝෂණය කළ සාමකාමී අරගලකරුවන්ට පහර දීම සැලසුම් කළ පොහොට්ටු මැර කණ්ඩායමේ ඉදිරිපෙල අපරාධකරුවන් ලෙස චෝදනා ලද පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මිලාන් ජයතිලක මන්ත්රීවරයාව බෞද්ධාලෝක මාවත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සනත් නිශාන්ත ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩගුවට ගත්තේය.
අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කථානායකවරයාට දන්වා තිබුණේ ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 07 දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කිරීමට ඇති බවය.
එම මන්ත්රීවරුන් නම් කර ඔවුන් අද පාර්ලිමේන්තු පැමිණ ඇතිනම් ප්රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසය.