පසුගිය මැයි 09 වැනිදා සිදුවූ ගැටුම හේතුවෙන් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල මහතාගෙන් හිස්වන මන්ත්‍රි ධුරය සඳහා එම පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු එස් ජගත් සමරවික්‍රම මහතා පත් කිරීමට තීරණය වී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) ආ අනු ව්‍යවස්ථාව සහ 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ඔහුගේ නම අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශ කිරීමට අද දින රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.