අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිය මාධ්‍ය කටයුතුවලට බාධා කරමින් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වීරසිංහ, ඉන්දික අනුරුද්ධ විසින් තම ජංගම දුරකථන පැහැර ගත් බවත්, එම ක්‍රියාවට හිටපු ඇමතිවරයෙක් සහ මහාචාර්යවරයෙක් ලෙස සමාජය හඳුනා ගන්නා චන්න ජයසුමන අනුබල දුන් බවත් පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංසදය අද සවස වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මන්ත්‍රීවරුන් තිදෙනා මෙසේ පැහැරගෙන ඇත්තේ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති ප්‍රගීත් පෙරේරාගේ සහ නිදහස් මාධ්‍යවේදී කසුන් සමරවීරගේ ජංගම දුරකථනය.
වාර්තාවන පරිදි එතැන සිදුවූ සිද්ධිය මෙසේය.
කමිටු රැස්වීම නිම වී එන මන්ත්‍රී කණ්ඩායම්වල සාමාන්‍යයෙන් සිදුකරන දර්ශන පටිගත කිරීම් කරමින් සිටි ඇත.
එහිදී පොහොට්ටු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරාගේ පපුවට අත තබා තල්ලු කරගෙන ගොස් බිත්තියට හේත්තු කර පහර දීමට සූදානම් වී තිබේ.
පාර්ලිමේන්තුව තුළ සිදුවූ මේ මැරකම විශාල ගැටලුවක් වීමට නොදී වළක්වා ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ විසිනි. අනතුරුව ඉන්දික අනුරුද්ධ සහ ඩී.වීරසිංහ මන්ත්‍රීවරු ප්‍රචන්ඩ ලෙස හැසිරෙමින් ජනමාධ්‍යවේදීන්ගේ දුරකථන දෙක පැහැරගෙන ඇත.
ඩී. වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධගේ මේ මැරකමට අනුබල දී ඇත්තේ මහාචාර්ය චන්න ජයසුමනය.
පසුව එම සංගමය ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී ගත් දර්ශන සිය ජංගම දුරකථනවලින් ඉවත් කර පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා විසින් එම දුරකථන ජනමාධ්‍යවේදීන් දෙදෙනාට භාර දුන්න බවය.