ඉන්දිකා රාමනායක-
කළහකාරි පිරිස් ගාලුමුවදොර “ගෝඨා ගමට” පහර දීමට පැමිණීම වැළැක්වීම සඳහා ගෝල්ෆේස් වටරවුමේ දී පොලිසිය හා විශේෂ කාර්ය බළකායේ පිරිසක් කැඳවා කඳුළු ගෑස් විදින නිලධාරීන් සමග පොලිස් අධිපීඩන ජල ප්‍රහාර රථ දෙකක් ද යොදා තිබු බවත්, අවසානයේ ඉහළින් ලැබුණ දුරකතන ඇමැතුමකට අනුව අවසාන මොහොතේ කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කිරීම වැළැක්වුණු බවත් කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඒ ජී ජේ චන්ද්‍රකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබු අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පැමිණි පිරිස ට ජනාධිපති ලේකම්කාර්යලය වෙත ගමන් කිරීමට අවශ්‍යතාවක් තිබේ නම් ඔවුන්ට කොම්පඤ්ඤවීදිය හරහා ගමන් කරන ලෙසට කල් තියා එහි සංවිධාකයන් දැනුවත් කළ බවත්, ඔවුන් ඒ සදහා එකඟව සිටි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සංවිධායකයන් පළමුව එම ඉල්ලීමට එකඟ වුවද අවසානයේ ඔවුන් එම ඉල්ලීම පිළිනොගෙන ගාලු පාර ඔස්සේ පැමිණ අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවන්ට පහර දී ගාලුමුවදොර දක්වා පැමිණීමේ අවස්ථා තුනකදී වැලැක්වීමට උත්සහ ගත් බවත්, පසුව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවා හැරීමට ක්‍රියා කළ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එසේ කිරීම හේතුවෙන් ගෝඨාගෝගම ඉදිකර තිබු ඉදිකිරීම් රැසක් මෙන්ම අරගලකරුවන් රැසක් ආරක්ෂා කිරීමට හැකි වු බවද හෙතෙම ප්‍රකාාශ කර ඇත.
සංවිධායකයින් පොරොන්දු වු පරිදි ක්‍රියා නොකළේ නම් සහ දුරකතනයෙන් නිලධාරීන්ට බලපෑම් නොකළේ නම් ගෝල්ෆෝස් වටරමුමේ දී ඉහත කළහාකාරි පිරිස වළක්වා ගැනීමට හැකි වන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම ප්‍රකාශ සනාථ කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි, ඡායාරූප, සහ වීඩියෝ පට රැසක් ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ලංකාදීප –
එම අවස්ථාව…