“ගෝටා ගෝ හෝම් “ ෆේස් බුක් පිටුවේ සංස්කාරකවරයෙක් ලෙස කටයුතු කළ තරුණ ක්‍රියාකාරිකයෙකු වන තිසර අනුරුද්ධ බණ්ඩාරට අධිකරණය ඇප ලබාදී තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම තරුණයාට ඇප නියම කර ඇත.
ඊයේ සවස කොළඹ අංක 06 මහේස්ත්‍රාත් ධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අනුරුද්ධ බණ්ඩාර අධිකරණයට ඉදිරිපත් නොකර ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ගිය බවත් නීතිඥවරු 150ක් පමණ රාත්‍රී 10.30 වනතුරුත් සිදුවන දේ ගැන නිරීක්ෂණයෙන් අධිකරණයේ පසුවන බවත් ඊයේ නීතිඥවරු මාධ්‍යයට පවසා තිබිණි.
කියවන්න…
“ගෝටා ගෝ හෝම්“ කී තරුණ තිසර පැය 22ක් යනතුරුත් අධිකරණයට ඉදිරිපත් කර නෑ…