දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් වැඩි වශයෙන් උතුරු මුහුදට පැමිණෙන්නේ නම් උතුරේ ධීවරයින්ට ඔවුන්ට එරෙහි වීමට හා විරෝධය පල කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියාවේ සිට උතුරු මුහුදට පැමීණෙන ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ද අමාත්‍යවරයා කියයි.
තමන් හා රජය නිරන්තරයෙන් ඉන්දීය රජයේ බලධාරීන් හා ධීවර නායකයින් දැණුවත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දීය ධීවරයින් උතුරු පළාතට පැමිණීම සීමා වී ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන හානි තේරුම් ගෙන ඇති ඉන්දියාව මේ වන විට උතුරේ ධීවරයින්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කරවීම සදහා ව්‍යාපෘති ගණනාවක්ම ක්‍රියාවට නංවා ඇතැයිද පෙන්වා දෙයි.