එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයට හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ පත් කිරීම නීති විරෝධී බවත්, ඔහුගේ පත්වීම අත්හිටුවන ලෙසත් ඉල්ලමින් අමාත්‍ය මහින්ද අමරවීර විසින් කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි වාරණ නියෝගය කොළඹ දිසා විනිසුරුතුමිය වන පූර්ණිමා පරණගම විසින් අද (08) දින ප්‍රතික්ෂේප කරණු ලැබුවාය.
කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 497/2022 යටතේ මහින්ද අමරවීර විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රිපාල සිරිසේන, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරට එරෙහිවය.
පැමිණිලිකාර මහින්ද අමරවීර වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිටි අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක අධිකරණයේ පෙනී සිටියේය.