පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට, අද පැවැත්වුණු මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී තීරණයකට පැමිණ ඇති අතර නාමයෝජනා කැඳවීමේ දැන්වීම දෙසැම්බර් අවසාන සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීිතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි.
ඒ අනුව ඡන්දය පැවැත්වීම සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ද නිකුත් කෙරිණි.
2022 වර්ෂය සඳහා වූ පළමුවන හා දෙවන පරිපූරක ලැයිස්තු අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද හිමියන් සංඛ්‍යාව හා 98 ව්‍යවස්තාවේ 8 වන අනු ව්‍යවස්ථා නියමය අනුව එක් එක් මැතිවරණ කොට්ඨසාය සඳහා තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රී සංඛ්‍යාව එහි සඳහන් විය.