ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පසුගිය සිකුරාදා ධවල මන්දිරයේදී එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් හමු වූ අතර දෙපාර්ශවයම ආරක්ෂක උපායමාර්ග පිළීබඳව සාකච්ඡා කරමින් දෙරට අතර සන්ධානය ශක්තිමත් කිරීමට එකඟ වූ බව වෙබ් අඩවිය වාර්තා කරයි.
කිෂිඩා සහ බයිඩන් පැය දෙකක පමණ දීර්ඝ සංවාදයක් පැවැත්වූ අතර එහිදී ජපානය සිය ආරක්ෂක උපායමාර්ගය සැලකිය යුතු ලෙස වෙනස් කර ඇති ආකාරය, ආරක්ෂක අයවැය වැඩිකිරීම් සහ ප්‍රතිප්‍රහාර සැලසුම් කිරීම ඇතුළත් ප්‍රතිසංස්කරණ සවිස්තරාත්මකව බයිඩන් වෙත දන්වා තිබේ.
මෙහිදී අගමැතිවරයා හා ජනාධිපතිවරයා තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ගැටුම් වළක්වා ගැනීමට ඔවුන්ගේ කැපවීම සම්බන්ධයෙන් යළි අවධාරණය කර ඇත.
“තායිවානය පිළිබඳ අපගේ මූලික ස්ථාවරයන් නොවෙනස්ව පවතින බව අපි අවධාරණය කරන අතර ජාත්‍යන්තර ප්‍රජාව තුළ ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම වැදගත්..” යනුවෙන් ධවල මන්දිරය සිය වෙබ් අඩවියේ පළ කරන ලද ප්‍රකාශයක සඳහන් වේ.