-
මෙහෙම බදු වැඩි කරලා ඡන්ද ඉල්ලන්න මිනිස්සු ලඟට යන්න බෑ… ඡන්ද අස්සේ මෙහෙම බදු වැඩි කරනව ද?. නාමල් ඇතුළු පිරිස ජනපති රනිල්ගෙන් විමසයි….
නව බදු වැඩිකිරීම සම්බන්ධව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පිල් දෙකකට බෙදි අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
බදු වැඩි කළ යුතුය යන ස්ථාවරය මත සිට කටයුතු කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මන්ත්‍රිවරු පිරිසක් මෙන්ම බදු වැඩි නොකළ යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කළ නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් අතර මෙම අර්බුදය හටගෙන තිබේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් මේ ආකාරයෙන් රට පීඩාවට පත් කර බදු වැඩි නොකරන ලෙස ඉල්ලීම් කළද එම ඉල්ලීම් නොසලකා හරිමින් බදු වැඩිකිරීම නිසා ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙම අර්බුදය හටගත් බවත් මේ වනවිට එය උත්සන්න වී ඇති බවත් ලංකාසරට වාර්තා වේ.
මැතිවරණයක් අභිමුඛව බදු වැඩි කර ජනතාව පීඩාවට පත් කිරීමට ක්‍රියා කර එම පීඩිත ජනතාවගෙන් ඡන්දයක් ඉල්ලා ඔවුන් හමුවට යන්නේ කෙසේ දැයි නාමල් රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රීවරු බදු වැඩිකිරීම පිණිස පෙනී සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කර ඇත.
මහින්ද රාජපක්ෂ රටේ නායකත්වය ගෙන කටයුතු කළේ නම් රටේ ජනතාවට මෙවැනි පීඩාවක් ඇතිවීමට කිසි ලෙසකින්වත් සිදුනොවනු ඇති බවත් අද ක්‍රියාත්මක වන්නේ මහින්දගේ හෝ පොදුජන පෙමුණේ ප්‍රතිපත්තිය නොවන නිසා ජනතාවට මෙලෙස පීඩාවට පත්වීමට සිදුව ඇති බවත් එම මන්ත්‍රීවරු පසුගියදා නෙළුම් මාවතේ පැවති රැස්වීමක දී දැඩි ලෙස විවේචනය කර තිබේ.
මේ තත්ත්වයෙන් තවදුරටත් ගමන් කරන්නේ කෙසේදැයි දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් මේ සම්බන්දව තව දුරටත් සාකච්ඡා කළ යුතුබවත් එහිදී මන්ත්‍රීවරු යෝජනා කර ඇතැයි ඉහත ආරංචි මාර්ග කියයි.
ඒක තමයි අපේ නාමල් මහත්තයට තේරෙනවා මිනිස්සුන්ගේ දුක