චීනයේ සියයට 4.4 ආර්ථික වර්ධනයට සාපේක්ෂව ඉන්දියාව සියයට 6.1 ක වර්ධනයක් පුරෝකථනය කිරීමත් සමඟ ගෝලීය ආර්ථිකයේ අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ඉන්දියාව දීප්තිමත් ස්ථානයක් අත්පත් කරගැනීමට ඉන්දියාව සමත්ව තිබේ.
එහිදී යුරෝපා කළාපයේ ආර්ථික වර්ධනයද සියයට 0.5 ට ආසන්න වනු ඇති බවට අපේක්ෂා කරන අතර එක්සත් ජනපදයේ එළැඹෙන වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 1 ක් පමණ වනු ඇති බවට ගණන් බලා ඇත. ඒ අනුව මෙවැනි පසුබිමක විශේෂයෙන්ම ඩිජිටල් තාක්‍ෂණයේ සහ අනෙකුත් තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ වැදගත්ම ස්ථානයකට පත්වීමට ඉන්දියාව සමත්ව තිබේ.
ඉන්දියාාව අත්කරගෙන ඇති මෙම සුවිශේසී ප්‍රගතියත් සමඟ පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ ලෝක භූගෝලීය තොරතුරු සම්මේලනය ඉන්දියාවේ දී රැස්විය. එය එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් කැඳවන ලද අතර එය සත්කාරකත්වය දරනු ලැබුවේ ඉන්දීය රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසිනි. මෙම සමුළුවට රටවල් 120කින් පමණ නියෝජිතයින් 2,000කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර නියෝජිතයින් 500කට අධික සංඛ්‍යාවක් සහ සහභාගිවන්නන් සහභාගි වූහ.
මෙහි තේමාව වූයේ ‘ගෝලීය ගම්මානය භූ-සක්‍රීය කිරීම: කිසිවෙකු මඟ නොහැරිය යුතු අතර, සියලුදෙනාගේ හවුල්කාරිත්වයෙන් වඩා හොඳ ලෝකයක් ගොඩා නැගීමයි. මෙහිදී සියලුම පාර්ශවයින් ගෝලීය ප්‍රගමනය සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කළ අතර එහිදී ඉන්දියාව මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම සම්බන්ධයෙන් විශේෂ පැසසුමකටද ලක්විය.
මෙමහිදී සමාරම්භක සැසිවාරයේදී අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ තාක්‍ෂණය යනු සියලුදෙනා එකට එක්කාසු කරන මෙවලමක් මිස කිසිවෙකු බහැර කිරීමේ උපකරණයක් නොවන බවයි. එහිදී ඔහු සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ ඉන්දියාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් ගම්වල දේපළ සිතියම් කිරීමත් එමගින් ඵලදායිතාව ඉහළ නැංවීම, තිරසාර යටිතල පහසුකම් සැලසුම් කිරීම, ඵලදායී පරිපාලනය සහ ගොවිපල ක්ෂේත්‍රයට ආධාර කිරීම සහතික කරමින් භූගෝලීය තාක්ෂණය සමාජ-ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සක්‍රීය කාරකයක් බවට පත්ව ඇති බවයි.







