අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාක්ෂණ ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ගේ අයිතීන් දිනාගැනීමට පුරුෂයින් පෙළගැසිය යුත්තේ ඇයි?

- රකුටෙන් වයිබර් සමාගමේ ආසියානු පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් සේ මහතා විසිනි.

by Lanka Sara Editor
මාර්තු 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෘත්තීය ජීවිතය පුරාම තාක්ෂණ සමාගම්වල සේවය කළ මා, රකුටෙන් වයිබර් සමාගමේ සේවයට එකතුවන්නේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී ය. එතැන් පටන් මේ දක්වා වයිබර් සමඟ ගෙවෙන කාලය, අත්දැකීම් අතිශය නැවුම් ය. තාක්ෂණ සමාගම් යනු බොහෝවිට පිරිමි ආධිපත්‍යයට හසුවූ කාන්තාවන්ට කිසිදු පිළිගැනීමක් නොමැති ස්ථාන බව බොහෝ දෙනාගේ හැඟීමයි. එහෙත් වයිබර් සමාගම තුළ එය වෙනස් ය. අප සමාගමේ සේවය කරන කාන්තාවන්ට නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය සමාගම තුළින්ම පිරිනමා තිබීම ඊට හේතුවයි. සමාගම වෙත කාන්තා සාමාජිකාවන් සාදරයෙන් පිළිගනු ලබනවා පමණක් නොව, ඔවුන්ට ආයතනයේ නායකත්ව තනතුරු හෙබවීමට පවා අවකාශ උදා කර දී තිබේ.

පසුගිය වසර කිහිපය තුළ කැපීපෙනෙන සාධනීය තත්ත්වයක් ළඟා කරගත්ත ද, තාක්ෂණ ලෝකය තුළ, විශේෂයෙන්ම ආසියානු තාක්ෂණ සමාගම් ක්ෂේත්‍රය තුළ කාන්තාවන් යා යුතු දුර තව බොහෝ ය. බොස්ටන් කන්සල්ටින් සමූහය (BCG) සහ සිංගප්පූරුවේ ඉන්ෆොකොම් මාධ්‍ය සංවර්ධන අධිකාරිය (IMDA) එක්ව සිදුකළ අධ්‍යයනයකදී පෙනී ගියේ අග්නි දිග ආසියාවේ තාක්ෂණික ක්ෂේත්‍රය තුළ කාන්තා සේවා නියුක්තිය 32%ක් වන බව ය. ඇත්තෙන්ම එය ගෝලීය ප්‍රතිශතය වන 28%ට වඩා ඉහළ අගයකි. එහෙත් කලාපය තුළ වෙනත් රැකියා ක්ෂේත්‍ර හා සැසඳීමේදී තාක්ෂණ ක්ෂේත්‍රය තුළ කාන්තා සේවා නියුක්තිය තවමත් පවතින්නේ පසුගාමී තත්ත්වයක ය.

අමිහිරි යථාර්ථය එයයි. එබැවින් තාක්ෂණ ලෝකය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීම සඳහා ක්ෂේත්‍රයේ රැඳී සිටින පුරුෂයින් සතු වගකීම ද අති මහත් ය. මන්ද යත් එය කාන්තාවන්ගේ ගැටලුවක් නොව මානව හිමිකම් පිළිබඳ ගැටලුවකි. එමෙන්ම නවීන ලෝකය තුළ අපගේ ආයතන සාර්ථකව ඉදිරියට ගෙනයාමට අපට ගත හැකි ඉතාමත්ම නුවණැති ක්‍රියාවක් ලෙස ද කාන්තා සේවා නියුක්තිය ඉහළ දැමීම පෙන්වා දිය හැක.

තාක්ෂණ සමාගම් තුළ මූල්‍ය අංශයේ ප්‍රගතිය සඳහා කාන්තාවන්ට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බව විවිධ අධ්‍යයන මගින් හෙළි වී තිබේ. උදාහරණයක් ලෙස අවම තරමින් කාන්තාවන් තිදෙනෙකු නායකත්ව තනතුරු හොබවන ලොව හොඳම සමාගම් 500ක්, තම ආයෝජන ප්‍රතිලාභවල 66%ක වර්ධනයක් අත්කරගෙන ඇති බව ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙසේ මූල්‍ය කාර්යසාධනය මගින් අත් කරගත හැකි සාර්ථකත්වය, තාක්ෂණ සමාගම්වල පැවැත්මට නැතුවම බැරි සාධකයක් වන නවෝත්පාදනය වෙනුවෙන් යොමු කළ හැක. කාන්තාවන් සහ පුරුෂයින් ලෝකය දෙස දකින්නේත්, විග්‍රහ කරන්නේත් එකම ආකාරයකට නොවේ. ඔවුන්ගේ අදහස් සහ මතිමතාන්තර වෙනස් ය. එමනිසා තීරණ ගැනීමේදී විවිධ අදහස්වලට කන්දීමේ හැකියාව ද එමගින් සමාගම්වලට හිමි වේ. ඒ අනුව බලන කල යම් ව්‍යාපාර නායකයෙකු තම ආයතනය තුළ කාන්තා නියෝජනය අඩු කිරීමට තීරණය කරන්නේ ද එය ව්‍යාපාරමය වශයෙන් ගනු ලබන ඉතාමත් අමනෝඥ තීරණයක් වනු නිසැක ය.

අප සමාගමේ කාන්තා කාර්යමණ්ඩල සාමාජිකාවන් රැසක් සමඟ සේවය කරන පුද්ගලයෙකු ලෙස මට විශ්වාසයෙන් කිව හැක්කේ, ඔවුහු දිනපතාම නිර්මාණශීලීත්වයක් සහ ජවයක් අප කණ්ඩායමට ගෙනෙන බව ය. එමෙන්ම කාන්තාවන් සමඟ කටයුතු කිරීම නිසා වයිබර්හි සේවය කරන අපට ක්ෂණිකව ගැටලු විසඳා ගැනීමටත්, අපැහැදිලිතා මඟහරවා ගැනීමටත් අවස්ථාව උදා වී තිබේ. එනම් ඕනෑම ගැටලුවක් පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ විමසීමට හැකියාව උදාවන බැවින් එම අභියෝග සාර්ථකව ජයගත හැක.

තාක්ෂණ ක්ෂේත්‍රයට විවිධ අදහස්, නියෝජනයන් ගෙන ඒමට අපට කොතෙක් අවශ්‍යතාව තිබුණ ද, අප ඉදිරියේ ඇති බාධක එමට ය. එවැනි එක් ප්‍රධාන බාධකයක් වන්නේ අධ්‍යාපනය යි. BCG සහ IMDA සිදුකළ ඉහත කී අධ්‍යයනය මගින් පෙනීගොස් ඇති තවත් කරුණක් වන්නේ, අග්නි දිග ආසියානු කලාපය තුළ තාක්ෂණ විෂය හදාරන කාන්තාවන්ගේ ප්‍රමාණය 39%ක් බව ය. සෙසු විෂය ධාරා හදාරන ප්‍රමාණය 56%ක් ලෙස එම වාර්තාවේ දැක්වේ.

තව ද තාක්ෂණ හෝ ඒ ආශ්‍රිත විෂය ධාරාවන් කෙරෙහි ශිෂ්‍යාවන් දක්වන කැමැත්ත අල්ප බව ද එම අධ්‍යයනය මගින් පෙනී ගොස් තිබේ. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, තාක්ෂණ ක්ෂේත්‍රය පිරිමින්ගේ ආධිපත්‍යයට නතුවූ වෘත්තීය ක්ෂේත්‍රයක් ලෙස පාසල් හරහා ඔවුන්ගේ මනසට කාවැදී තිබීම ය. එපමණක් නොව, තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය සහ ආදර්ශයට ගත හැකි කාන්තා චරිතවල අඩුපාඩුවක් ද පවතී. එම නිසා තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවකට පිවිසීමට කාන්තාවන් තීරණය කළ ද, එම වෘත්තීය ගමන් මඟ තුළ මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා බහුල වන අතර, ඔවුන්ට ඉදිරියට යෑමට ඇත්තේ ද සීමිත අවකාශයක් පමණි.

එවන් පසුබිමක තාක්ෂණ ලෝකය තුළ කටයුතු කරන පුරුෂ පාර්ශ්වය සතුව ඇත්තේ විශාල වගකීමකි. මේ එළඹ ඇත්තේ, ස්ත්‍රී පුරුෂ බැඳියාවන් පසෙකලා කාන්තාවන් සමඟ එකට සිටගත යුතු කාලය යි. කාන්තාවන්ට නිසි තැනක් ලබාදෙන රැකියා පරිසරයක් බිහිකිරීමට අපගේ දායකත්වය ද බෙහෙවින් වැදගත් ය. එවැනි වාතාවරණයක් මත කාන්තාවන් ළඟා කරගන්නා සාර්ථකත්වය තුළින් අනාගතයේදී තව තවත් කාන්තාවන් තාක්ෂණ අංශයේ රැකියාවන් ස්ව කැමැත්තෙන්ම තෝරාගනු නිසැක ය. මෙසේ කාන්තාවන්ට සාර්ථක වීම සඳහා වැඩි අවස්ථාවක් සැලසීම යනු, අපගේ ආයතනවලට මෙන්ම පොදුවේ තාක්ෂණ ක්ෂේත්‍රයටත්, අභියෝගාත්මක ගැටලු ජයගැනීම සඳහා වැඩි අවස්ථාවක් උදා කරලීමකි.

(ඩේවිඩ් සේ මහතා රකුටෙන් වයිබර් සමාගමේ ආසියානු පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

චෙම්මිනි හින්දු සුසාන භූමිය අසලින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ

Next Post

ආණ්ඩුවට හිතවත් ජනාධිපති නීතීඥවරුත් ජනාධිපතිගේ කොමිසම ගැන අසතුටෙන්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.