ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නියෝග කර තිබේ.
මේ වනවිට රට තුළ නිර්මාණය වී ඇති අපරාධ රැල්ල පසුපස වැඩි වශයෙන් හමුදාවෙන් පලා ගිය සහ විශ්‍රාම ගිය අවි පුහුණුව සහිත පුද්ගලයින් වැඩි වශයෙන් ක්‍රියාකාරීව සිටින බව පසුගිය සෙනසුරාදා ආරක්ෂක ප්‍රධානීන්ගේ මාධ්‍ය හමුවේදී ද ප්‍රකාශ විය.







