රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ කිරිදෙන හා ගර්භණී මවුවරුන්ගේ පෝෂණය නගාසිටුවීම බරපතළ ගැටලුවක් වී ඇති ආකාරය පවුල් සෞඛ්‍ය කාර්යාංශ හෙළිදරව් කරයි .
මේ වනවිට ගර්භණී මව්වරුන් වෙත ලබා දුන් ත්‍රිපෝෂ ලබා දීම නැවැතී ඇති බැවින් මේ තත්ත්වය ඛේදජනක ලෙස අර්බුදයකට ගොස් ඇතැයි ද වාර්තා වේ.
මේ වන විට නතරවී ඇති ත්‍රිපෝෂ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීම සඳහා පවුල් සෞඛ්ය කාර්යාංශය දැඩි උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වේ.
කිරි දෙන මව්වරුන්ගේ .සහ ගර්භනී මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම සඳහා රජය විසින් නොමිලේ ලබාදුන් ගුණදායක අතිරේක පෝෂණය වූයේ ත්‍රිපෝෂය.
නමුත් මේ වන විට එම අතිරේක ආහාරය නතර කර ඇති බැවින් ගර්භනී මවුවරුන් හා කිරිදෙන මව්වරුන් විශාල පිරිසක් අගතියට පත්ව ඇතැයි පවුල් සෞඛ්ය කාර්යාංශය සඳහ කරයි