චිනය ජාත්යයත්නර සාමයට බලපෑමක් එල්ලකරන බවට වැරදි ප්රදතිරූපයක් නිර්මාණය කිරීමෙන් වැලකී සිටින ලෙස එරට විදේශ අමාත්යං ශය ඇමරිකානු රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
චීන විදේශ කටයුතු අමාත්යංශ ප්රනකාශක වැන්ග වැන්බින් විසින් මාධ්යත වෙත අදහස් දක්වමින් මේබව ප්රටකාශ කර ඇත. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ඇමරිකානු රාජ්යන ලේකම් ඇන්තනී බ්ලින්කන් විසින් චීනය සම්බන්ධයෙන් වැරදි ප්ර තිරූපයක් නිර්මාණය කිරීමට උත්සහ කරමින් සිටින බවයි.
චීන විදේශ අමාත්යංතශ ප්රාකාශකයේ මෙම ප්රරතිචාරයට හේතුවී ඇත්තේ ඉකුත් බ්රනහස්පතින්දා ඇමරිකානු රාජ්යක ලේකම්වරයා විසින් ජෝජ් වොෂින්ටන් විශ්ව විද්යාකලයේ පැවති දේශනයකිදී ජාත්ය න්තර සමබරතාවයට බලපෑමක් එල්ලකරන එකම රට චීනය බවට අනතුරු ඇඟවීමක් කිරීමයි.
මෙම ප්රලකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්යංරශය පවසා ඇත්තේ තමන් රට කිසිම අයුරකින් ගෝලීය සම්බරතාවයට බලපෑමක් හෝ අනතුරුක් නොවන බවත් ගෝලීය සමබරතාව ආරක්ෂා කිරීමට කැපවී සිටින ප්රබමුඛතම රාජ්යමක් බවත්ය.
කෙසේ වෙතත් මීට පෙර ඇමරිකානු රාජ්ය ලේකම්වරයා ප්ර කාශ කර සිටියේ බයිඩන් පාලනයට කිසිම අයුරකින් චීන සමඟ සීතල යුද්ධයකට අවතීරණය වීමට අවශ්යක නොවන බවත් හුදෙක් චීනය ජාත්යින්තර නීතින් අනුගමනය කිරීම පමණක් අපේක්ෂා කරණ බවත්ය.
මෙම අදහස් දක්වන අතරතුරේදීම ඇමරිකානු රාජ්ය ලේකම්වරයා පවසා ඇත්තේ චීනය යනු දිගු කාලීන අභියෝගයක් බවයි. ඒ අනුව ස්වෛරී රාජ්යේන්ගේ සහා ජාත්ය න්තර සම්බරතාව ආරක්ෂා කිරීමට අවශ්යප නීති සහ ප්රයතිපත්ති සම්පාදනය කිරීමට ඇමරිකාව පෙරමුණ ගන්නා බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.







