ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වෙනුවෙන් වූ නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කා වෙත කමිටු සභාපති ජනාධිපති නිතිඥ රියන්සි අර්සකුලරත්න විසින් භාර දී තිබේ.
අධිකරණ අමාත්‍යාංශය පැවසුවේ අදාල වාර්තාව ඉදිරියේ දී මහජනාතාවට ප්‍රදර්ශනය කරන බවය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධව ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යාන්තර වශයෙන් ද පීඩනයක් පැවති රජයන් වෙත එල්ල වෙමින් තිබිණි.







