සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්තයෝ නිරායුද සිවිල් මිනිස්සු දුසිම් ගණන් මරා දමති… ඉන්දියාව කම්පා කළ ත්‍රස්ත ප්‍රහාරයේ කතාව…

by editor
අප්‍රේල් 23, 2025 - Updated on අප්‍රේල් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

“ඉන්දියාවේ ස්විට්සර්ලන්තය” ලෙස හැඳින්වෙන හිමාල කඳුවැටියේ පිහිටි සුන්දර නගරයක් වන පහල්ගම් අඟහරුවාදා (22) උදෑසන ලේ විලක් බවට පත් වුනේය. ඒ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයකින් නිරායුද අහිංසකයින් 24 දෙනෙක් මරා දැමීමෙනි.

ත්‍රස්තවාදීන් විසින් ඉලක්ක කරගෙන තිබුණේ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ජනප්‍රිය සුන්දර භූමිය නැරඹීමට පැමිණි දේශීය සංචාරකයින් පිරිසකි. ත්‍රස්තවාදීහු ම්ලේච්ච ලෙස මෙම පිරිසට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

පහල්ගම් සිට සැතපුම් තුනක් (කිලෝමීටර 5) ක් දුරින් පිහිටි කඳු මුදුන් තණබිමක් වන බයිසරන්හිදී මේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාව සම්බන්ධ වීඩියෝ පට ඇතුළු තොරතුරු රාශියක් මේ වනවිට ඉන්දියාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගනිමින් ඇත. එහි තැන තැන වැටි ඇති අසරණ මිනිසුන්ගේ මළ සිරුරු පෙනේ. තවත් තැනක උදවු ඉල්ලා කෑ ගසන අසරණයින්ය.

ඉන්දියානු මාධ්‍ය ආයතන විසින් බෙදා ගන්නා ලද වීඩියෝ දර්ශනවල පෙන්වන්නේ තුවක්කුකරුවන් මුස්ලිම් නොවන අය තෝරාගෙන වෙඩි තබා මරණ ආකාරය දුටු වින්දිතයින් ගේ ප්‍රකාශය.

වෙඩි තැබීම සිදු වූ ප්‍රදේශයට වාහන ළඟා විය නොහැකි බව ජම්මු සහ කාශ්මීර පොලිස් ප්‍රධානී විදි කුමාර් බර්ඩි බීබීසී හින්දි සේවයට පවසා තිබිණි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

වෙඩි පහරින් ඝාතනය වු කණ්ඩායමක සිටි දිවි ගලවා ගත් ගුජරාටියේ සංචාරකයෙකු බීබීසී වෙත ප්‍රකාශ කර තිබුණේ හදිසි ප්‍රහාරයෙන් පසු අවුල් සහගත තත්වයක් ඇති වූ බවත්, සියල්ලන්ම දුවන්නට, අඬන්නට සහ කෑ ගැසීමට පටන් ගත් බවත්ය.

පොලිසිය පැවසුවේ සංචාරකයින් කිහිප දෙනෙකු වෙඩි වැදී තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවය. ප්‍රදේශය වටලා ඇති අතර සොල්දාදුවන් මුරපොලවල්වල වාහන නවත්වා ඇත. ඉන්දීය හමුදාව සහ ජම්මු සහ කාශ්මීර පොලිසිය ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් අඛණ්ඩව සිදුවෙමින් පවතී.

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

ප්‍රහාරය ගැන කතා

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබුනේ මෙම ප්‍රහාරය අසාමාන්‍ය දෙයක් ලෙසය. කාශ්මීරයේ හිමිකම සඳහා පකිස්ථානය සහ ඉන්දියාව අතර ඇවිලී ඇති දශක තුනහමාරක ගැටුමේ දී මෙවැනි පරිමාණයක ඝාතනයක් සිදුවී ඇත්තේ ඉතාම විරලවය.

කලාපයේ මහ ඇමති ඕමාර් අබ්දුල්ලා පැවසුවේ මෙම ප්‍රහාරය “මෑත වසරවල සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඕනෑම දෙයකට වඩා විශාල” බවය. වාර්තාවලින් පෙනී යන්නේ තුවාල ලැබූවන් විශාල සංඛ්‍යාවක් සිටින බවත්, සමහරුන්ගේ තත්ත්වය බරපතල බවත්ය.

ප්‍රහාර හෙළා දුටු ලෝක නායකයින් අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුරෝපා සංගම් ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලේයන් ද වූහ.

“කාශ්මීරයෙන් එළියට එන දැඩි කැළඹිලි සහගත පුවතක්. ත්‍රස්තවාදයට එරෙහිව එක්සත් ජනපදය ඉන්දියාව සමඟ ශක්තිමත්ව සිටී,” ට්‍රම්ප් Truth Social හි සටහනක් තබා තිබිණි.

යුරෝපා සංගම් ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලේන් කාශ්මීර මරණ “නින්දිත ත්‍රස්ත ප්‍රහාරයක්” ලෙස හැඳින්වූ අතර, පුටින් කුරිරු අපරාධය පිළිබඳව අවංක ශෝකය පලන කරන බව ප්‍රකාශ කළේය.

මෝදි යලි මවු රටට

ප්‍රහාරයෙන් පසු සෞදි අරාබියට ගිය ගමන අතරමැද නවතා දැමු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ආපසු ඉන්දියාවට පැමිණ පැවසුවේ අපරාධකරුවන් “නීතිය ඉදිරියට ගෙන එන” බව පැවසීය.

“ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට අපගේ අධිෂ්ඨානය නොසැලෙන අතර එය තවත් ශක්තිමත් වනු ඇත,” මෝඩි X හි ලියා තැබුවේය. .

පකිස්ථාන විදේශ අමාත්‍යාංශය “සංචාරකයින්ගේ ජීවිත අහිමි වීම ගැන කනස්සල්ලට පත්ව සිටින” බව පැවසූ අතර වින්දිතයින්ට ශෝකය පළ කළ අතර “තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය “ප්‍රාර්ථනා කළේය .

ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා අඟහරුවාදා කාශ්මීරයේ විශාලතම නගරය වන ශ්‍රීනගර් වෙත හදිසි ආරක්ෂක රැස්වීමක් පැවැත්වීමට ගියේය. ඒ සඳහා කලාපයේ ආරක්ෂාව තර කර තිබිණි.

අතීතය

1990 දශකයේ සිට, කලාපයේ ඉන්දීය පාලනයට එරෙහිව සන්නද්ධ බෙදුම්වාදී කැරැල්ලක් ඇති විය. සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදා ඇතුළු දස දහස් ගණනක් ඒ කැරැල්ල නිසා මේ දක්වා බිලිගෙන තිබේ.

1947 දී ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම, බෙදීම සහ පකිස්ථානය නිර්මාණය කිරීමෙන් පසු හිමාලයානු කලාපය බෙදී ගියේය.

න්‍යෂ්ටික අවි සහිත රාජ්‍යයන් දෙකම කලාපයට සම්පූර්ණයෙන්ම හිමිකම් කියන අතර එතැන් සිට දශක ගණනාවක් තුළ යුද්ධ දෙකක් සහ ඒ සම්බන්ධයෙන් සීමිත ගැටුමක් ඇති කරගත්තේය.

ඉන්දියානු සොල්දාදුවන් 500,000 ක් පමණ භූමියේ ස්ථිරවම යොදවා ඇත.

සිවිල් වැසියන්ට එල්ල වූ අවසන් ප්‍රධාන ප්‍රහාරය 2024 ජුනි මාසයේදී සිදු වූ අතර එහිදී හින්දු වන්දනාකරුවන් රැගෙන ගිය බස් රථයකට ත්‍රස්තවාදීන් විසින් වෙඩි තැබීමෙන් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලැබීය.

2019 දී ඉන්දීය පරිපාලන කාශ්මීරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් සොල්දාදුවන් 46 දෙනෙකු මිය ගිය අතර පාකිස්තානයේ ඉලක්ක වෙත ඉන්දීය ගුවන් ප්‍රහාර එල්ල විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට අදාල චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුව නම් කරයි!

Next Post

ඩෑන්ට ⁣ඩාං ඩෝං වීම හරහා හෙළිවන කුපාඩි දේශපාලනයේ නොකියැවෙන ඇත්ත කතාව….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.