සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඩෑන්ට ⁣ඩාං ඩෝං වීම හරහා හෙළිවන කුපාඩි දේශපාලනයේ නොකියැවෙන ඇත්ත කතාව….

by editor
අප්‍රේල් 24, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

ලොකු කුමාර විසිනි –

ඩෑන් ප්‍රසාද් වෙඩි තබා ඝාතනය කෙරිණි.

ඔහූ ඝාතනය කිරීම ශිෂ්ඨාචාර සමාජයක සතුටින් වර නැගිය යුතු සිදුවීමක් නොවේ.  එහෙත් ඩෑන් ප්‍රියසාද්ගේ සිය දේශපාලන මතය හැසිරවූයේ ප්‍රතිවාදියා කෙරෙහි පිළිකුළ දනවන ආකාරයටය.  එහිදී ඔහුගේ  එම හැසිරීම අනුමත කළ දායක සභාවක්ද සිටි බව අමතක කරන්නට නොහැකිය.

  • ඩෑන්ලා ට පයිසයකට මායිම් නොවූ   රාජපක්ෂලාගේ අතීතයය

එම දායක සභාවේ නායකත්වය පැවතුනේ රාජපක්ෂලා අතය. රාජපක්ෂලා   තෘප්තිමත් කිරීම සඳහා කොන්දේසි විරහිතව ඩෑන් ප්‍රියසාද් පිළිකුල් සහගත ක්‍රියාකාරකම්වල නිරත විය. එහිදී සමාජය තුළ ජාතිවාදය හා ආගම් භේදය අවුළුවාලීම මොහුගේ න්‍යාය පත්‍රයට ඇතුළත් වූ බව රහසක්ද නොවේ.

දීර්ඝ කාලීන යුද්ධයෙන් මෙරට ගලවා ගත් නායකයා ලෙස සමාජ මානසිකත්වයේ කිරුළු පැළඳ ගත් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුල බලයෙන් වියරු වැටීම තුළ මෙරට ව්‍යවස්ථාව පවා තඹ දොයිතුවකට නොසළකන ජාවාරම්කාර වටපිටාවක් රට තුළ නිර්මාණය විය.

මහින්ද රාජපක්ෂ මෙරට ජනපතිවරයා ලෙස පත්ව පාලනය ගෙන ගිය ඒ අවදියේ ලුම්පන් සමාජය නියෝජනය කළ ඩෑන් ප්‍රියසාද් වැන්නන්ට රාජපක්ෂලා සමීපයට යන්නට තබා ඒ ගැන හිතන්නටවත් නොහැකි වටපිටාවක් පැවතුනි. ඒ අවධියේ මේ ලුම්පන් සමාජය හැසිරවූයේ මර්වින් සිල්වා දුමින්ද සිල්වා වැනි අයවලුන්ය. මදාවියන් හා පාදඩයන් ඒක රාශී වෙමින් සිටියේ රාජපක්ෂලා  හා සෘජු ගණුදෙනු කළ ඒ චරිත  සමීපයේය.

එම යුගයේදී රාජපක්ෂලා තම යටි බිම් ගත මංකොල්ලකාරී හා අපරාධකාරී ක්‍රියාකාරකම් සඳහා යොදවා ගත්තේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් ආවරණය සපයා ගත් මිල්ටෙරි කණ්ඩායම්ය. එහිදී රාජපක්ෂලා ගේ ඕනෑ එපාකමි හා රුචිකත්වය අනුව හැසිරුණ සන්නද්ධ  මිල්ටෙරි කණ්ඩායම් ගණනාවක්ම ක්‍රියාත්මක වූ ආකාරය හෙළිවන්නේ  මෙරට නීතියේ  භාවිතයටත් ඉහළිනි. ඒ මිල්ටෙරි කණ්ඩායම්වල  භාවිතය වූයේ රාජපක්ෂලාන්ගේ පැවැත්ම සඳහා ඕනෑම අවස්ථාවක සාහසිකත්වය හා මෙලේච්ඡත්වය  මුදා හැරීමත් එය සාපරාධී ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමත්ය. බොහෝ අබිරහස් මිනිස් ඝාතනයන් සිදු වූයේ මේ කාල පරිච්ඡේදයේදීය. ඒ සෑම මිනිස් ඝාතනයක් පිටුපසම ක්‍රියාත්මක වූයේ අධිපතිවාදී රාජපක්ෂලාගේ නියෝගයන් බව කියැවිනි. කිසිවෙකුට ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට ඉඩක් නොවීය. එම ඝාතනයන් නිසා වින්දිතයන් වූ පාර්ශවයන්ගේ විලාපය සිංහල බෞද්ධ මුද්‍රාවෙන් යටපත් කෙරිණි. රණවිරු උන්මාදයට  මනුෂ්‍යයෙකුගේ ජීවිතයට වඩා වැඩි වටිනාකමක් හිමි විය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

මේ වටිනාකම තුළ පැවතියේ  රාජපක්ෂලාන්ගේ දේශපාලන බලය තවදුරටත් ඉහළට එසවෙන පරදිය.  මිල්ටෙරි යාන්ත්‍රණය ඉතිහාසයේ  නොවූ ආකාරයට දේශපාලනීකරණය කරමින් මිල්ටෙරි ජනරාල් වරුන්ගේ සිට සාමාන්‍ය සෙබළා දක්වා වූ බොහෝ පිරිස් තමන්ගේ මානසික වහළුන් ගේ බවට පත් කිරීමට රාජපක්ෂලාට හැකි විය. අග විනිසුරු හා අධිකරණ පද්ධතියද පොලිස්  දෙපාර්තමේන්තුවද රාජපක්ෂලාගේ   හැඩයට නිර්මාණය කෙරිණි. රාජ්‍ය පරිපාලන ඡ්‍යෙෂ්ඨයන්  ගේ කොඳු නාරටි බිඳ දමන ලදී. රාජපක්ෂලාගේ  අවශ්‍යතාව වූ බව පෙනුනේ කිසිවක් ප්‍රශ්න නොකරන නිවට  සමාජයකි.  රාජපක්ෂලාට එරෙහිවන්නන් රට පාවා දෙන්නන්ගේ කුලකය තුළ රැඳවිනි. සැබැවින්ම රාජපක්ෂලා ගොඩ නගන ලද එම දේශපාලන ආධිපත්‍යය තුළ ඩෑන් ප්‍රියාසාද් වැනි ලුම්පන් සිල්ලර කෑලි වලට ඉඩක් නොවීය. නාමල් යෝෂිත හා චිචී බබාලා රාජකුමාරයින් ලෙස වැජඹෙද්දී ඔවුන් සමීපයේ  වූයේ ජාවාරම්කාර  ප්‍රභූ පන්තියේ සෙල්ලක්කාර දරුවන්ය .වෙන කිසිම අයෙකුට ඔවුන් සමීපයට යා හැකි වූයේද නැත.

රාජපක්ෂලාගේ  පෝරිසාද මෙහෙයුම් වලදී ඒ වටා සංවිධානය වූ තක්කඩි චීවරධාරීන් පිරිසක්ද උඩගෙඩි දුන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යකාරයන් පිරිසක්ද නිරන්තරයෙන් දැක ගන්නට පුළුවන් විය. සිංහල බෞද්ධ ජනතාව හසුරවා ගත හැකි මනෝ මූලික මෙහෙයුම්  දියත් කරන ලද්දේ මේ කණ්ඩායමයි.  මේ පිරිස් විසින් මෙහෙයවන මෙලේච්ඡ ක්‍රියාකාරකම්වලට එරෙහිවන්නන්  දඩයම් කිරීම සඳහා පැරා මිල්ටෙරිකාරයින්   පිරිසක්ද රාජපක්ෂලා සමීපයේ  විය. මේ පැරා මිල්ටෙරි දඩ බල්ලන් සිදු කරන ලද අපරාධමය වැරදිවලින් නිදහස් කෙරුණේ රණවිරු උන්මාදය හරහා අධිකරණයට ද බලපෑම් එල්ල කරමිනි.

  • ඩෑන්ලා රාජපක්ෂ දේශපාලනයේ නිල ලකුණු වූ හැටි

රාජපක්ෂලාගේ දේශපාලනික ආධිපත්‍යය කම්පනයට පත්වී කඩා වැටුනේ මෙරට ව්‍යාප්ත වූ ආර්ථික අර්බුදය නිසාය. මින් රාජපක්ෂ පවුලට සිදු වූ හානිය සුළු පටු නොවේ. එහිදී රාජපක්ෂලා  වඩාත් බරපතල හානිය වූයේ මිල්ටෙරි හා පොලිස්  යාන්ත්‍රණය හැසිරවීමේ බලය බිඳ වැටීම නිසාය. නාමල් යෝෂිත චීචී බබා වැන්නන් මහ පොළොවේ ඇවිදින්ට පටන් ගත්තේ එතැන් සිටය.

තමන්ට සිදු වූ බරපතල හානිය අවම වශයෙන් පාලනය කර ගැනීමට තමන්  ගේ මහන්තත්ත දේශපාලනයේ ස්වරූපයේද වෙනස් කර ගැනීමට මෙන්ම ගිලිහෙමින් පැවැති බලය තවදුරටත් රඳවා ගැනීමට ඔවුන්ට විකල්ප සොයා යන්නටද සිදු විය .මිල්ටෙරි හා පොලිස් යාන්ත්‍රණය හැසිරවීමේ බලය අත් හැරුණ විට රාජපක්ෂ දේශපාලනයේ බරපතල රික්තයක් පැතිරී ගියේය.

රාජපක්ෂලාතමන්ගේ නව ස්වරූපය සමාජගත කිරීමට උපකාර කර ගත්තේ ඩෑන් ප්‍රිය සාද් වැනි ලුම්පන් පෝරිසාදයන් ගෙනි. මෙවැනි ලුම්පන් පෝරිසාදයන්ට නාමල් යෝෂිත හා චීචී වැන්නන්ගේ උදේ  කෑම මේසයට වාඩි වීමට තරමට එම රික්තය තුළ අවස්ථාව හිමි විය. බලයෙන් උන්මාදව සිටි අවදියේ මෙවැන්නන්ට ඔවුන් හා සමීප වීම සිහිනයක්ම වූ අතර යම් හමුවීමක් වූයේ නම් ඒ දේශපාලන රැස්වීමකදී ඉතා කෙටි  කතාබහකට සීමා වෙමිනි.

සැබැවින්ම එම වටපිටාව තුළ රාජපක්ෂ දේශපාලනයේ නිරත වූ ඇතැම් ඡ්‍යෙෂ්ඨ දේශපාලඥයන්හටද කුඩම්මාගේ සැළකිලි ලැබෙමින් පැවතුන බව රහසක් නොවේ. මහින්ද රාජපක්ෂගේ කුණුහරුප තර්ජනය කිරීම් නිවටව අසා සිටින්නට පවා ඔවුහු පුරුදුව සිටියහ. ඇතමුන් මහින්ද රාජපක්ෂගේ පහරකෑම්වලටද ලක්වූයේය. එහෙත් ඒ කිසිවක් රාජපක්ෂලාඅත් හැර යාම ගැන සිහිනෙකින්වත් නොසිතූහ. එසේ යන්නේ නම් වැලිකඩ ජම්පරය ඇඳීමට හෝ මරණ වරෙන්තුව ලියා ගැනීමට සිත හදාගෙනම යා යුතු බවට වූ අවබෝධය ඔවුන්ට තිබිණි.

කෙසේ වෙතත් සිය දේශපාලන ආධිපත්‍යය බිඳ වැටුනද ජාතිවාදී හා ආගම්වාදී මෙහෙයුම් අත හරින්නට රාජපක්ෂලාසූදානම් නොවීය.සිය දේශපාලනික බලය නැවත සමාජගත කිරීමට මේ වන විටත් ඔවුන් යොදා ගනිමින් සිටින්නේ අශීලාචාර හා අවලස්සන ආගමික හා ජාතිවාදී සූදුවය. ඒ සඳහා ඔවුන් යොදා ගන්නා ලද තුරුම්පුවක් වූයේ ඩෑන් ප්‍රියසාද්ය.  ඒ අතරේ අරාබි වසන්ත, නාමල් කුමාර, චීවරධාරී ඤාණසාර  හා  ඉත්තෑකන්දේ වැන්නවුන්ද වූහ.

මේ පිරිස් යොදවා ගනිමින් රාජපක්ෂලා විසින් මුදා හරින ලද ඉතා අශීලාචාර මෙහෙයුම් දේශපාලනිකව අනිකාගේ සිත රිදවීම්වලට හේතු වන සිද්ධීන් වේ. එම මෙහෙයුම්වලදී දෘෂ්‍ය මාධ්‍යයන් වන හිරු හා දෙරණ නාලිකා වෙතින් හිමි වූ ප්‍රචාරන දායකත්වයද ඉතා  අප්‍රසන්නය.

  • අන්තිමට මැස්සෙක්වත් නෑ…

ඩෑන් ප්‍රියසාද් ඝාතනය වූ අවස්ථාවේ අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හරින ලද අරාබි වසන්ත නම් රාජපක්ෂවාදී ලුම්පනයා සිය හිතවතුන්ට මහ රෝහලේ හදිසි අනතුරු අංශය අසලට එන ලෙසට ඉල්ලීමක් කෙරුවේය. ඔහු එහිදී අපේක්ෂා කළ හිතවතුන් යනු පොදුජන පෙරමුණේ සමීපතමයන් ලෙස ගත හැකිය. එහෙත් ඩෑන් මිය යන අවස්ථාවේ රෝහල අසල සිටියේ නිල මැස්සන් කිහිප දෙනෙක් පමණි. ජීවත්ව සිටියදී කරට අත දාගෙන සිටි රාජපක්ෂලාගේ ඉහළ ඇවරියේ දේශපාලන නියෝජනයක් එහි නොවීය.

රාජපක්ෂලා ඩෑන් ගේ හදිසි ඝාතනය ගැන ලත නොවෙන බව මෙහිදී අමුතුවෙන් ලිවිය යුතු නැත. මේ පැයේදී ඩේසි ආච්චි වල කජ්ජ ගැසුවද රාජපක්ෂලාගේ සිතීම එහෙමය.

NPP  ආණ්ඩුව අප්‍රසන්න තාවට පත් කරවන ආකාරයට නින්දා අවලාද නැගීම සඳහා රාජපක්ෂලායොදා ගනිමින් සිටියේ ඩෑන් ප්‍රිය සාද් වැන්නන් ගේ ලුම්පන් සමූහයයි. ඩෑන් ප්‍රිය සාද් ගේ කෙරුවාව අවසන් වූයේ පුද්ගලික කෝන්තරයක් නිසා බව  මේ වන විට අනාවරණය වී තිබේ. එහෙත් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය තවමත් වර නගමින් සිටින්නේ ඔහුගේ ඝාතනයේ වගකීම ආණ්ඩුව බාර ගත යුතු බවටය.

මෙහිදී රාජපක්ෂලාට ඩෑන් ගේ ඝාතනයද හොඳ ඉල්ලමකි. දැන්  රාජපක්ෂලා තලු මරමින් සිටින්නේ ඩෑන් ගේ ඝාතනයේ වාසි තමන්ගේ ගොඩට දා ගැනීමටය. මහ පොලවේ දේශපාලනික ආරක්ෂක වලල්ල ලෙස තමන් වටා  මේ වන විට ක්‍රියාත්මක වෙන මේ ලුම්පන් සමූහයේ එකෙකුගේ ඝාතනය රාජපක්ෂලා අඬා දොඩා කම්පා වෙන තරමේ සිද්ධියක්ද නොවේ. දාමට ඉත්තා සගයක් නොවේය කියමන එහිදී වලංගුය.

  • දින 21න් පසු…

අප්‍රේල් මස පලමුවෙනිදා ඩෑන් ප්‍රියාසාද්  NPP සමාජයේ  සිත රිද වූයේ ජනපති අනුර කුමාර සහෝදරයාගේ උපන්දිනය එදින බව පවසමින් එය සැමරීම සඳහා කේක් කැපීමේ දර්ශනයක් අන්තර්ජාලයට මුදා හරිමිනි. මෙය රාජපක්ෂලා ගේ මැදිහත් වීමෙන් සිදු කරන ලද්දක් විය හැකිය. ඒ මන්ද යත් ඩෑන් ප්‍රිය සාද් යනු වල් එඬුරු ගහක් මිස යමක් සිතා බලා නිර්මාණශීලීව මැදිහත්වීමක් නොකරන රූකඩ ලුම්පනයකු නිසාය.

කවුරුන් බණ දේශනා කෙරුවද NPP සමාජය  මේ ලුම්පනයාගේ ඝාතනය ගැන සතුටු වන බව සඳහන් කළ යුතුමය. ඒ ඩෑන් වැපිරූ අස්වැන්නය. එසේත් නැති නම් කැත දේශපාලනයේ හැටිය. ප්‍රතිවිරුද්ධ දේශපාලනය තුළ පවා මිය යාමෙන් පසුව ගරු බුහුමනට ලක් වන දේශපාලඥයන් අතීතයෙත් සිටියේය. මෑත උදාහරණත් සොයා ගත හැකිය. ඒ සඳහා ආසන්නම උදාහරණය වන්නේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමතිවරයකු වූ පාලිත තෙවරප්පෙරුමය.

ඩෑන් ගේ ඝාතනය හා NPP සමාජයේ  හෘද සාක්ෂියේ සතුට ගැන කියවන අපට සිහිපත් වන්නේ රැයිපියෙල් තෙන්නකෝන්ගේ ගේ කුකුළු හැවිල්ලේ කවි පේලියයි.

මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු යකා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා

බලා හෙල්ල ⁣
හෙළුව හෙල්ල
මුලම බෙල්ල
මරු තැනේ

සිංහලයන් සාප කිරීමෙහි ලා දක්ෂයන්ය.

දින හතකින් සාපය වදින්නට දෙස් දොවොල් තියන්නන් ඒ දින ගණනේදී සිය සිතැඟි ඉටු නොවූහොත් ඊළඟට ගනන් හදන්නේ දින විසි එකටය. සිය නායකයා අපහාසයට පත් කළ ලුම්පනයාට NPP සමාජය  ශාප කරමින් සිටි බව අන්තර්ජාලයේ ඇමිනුම් කියවන විට පැහැදිලි කර ගත හැකිය. අප්‍රේල් පළමුවනදා සිට  දින විසි එකක් ගෙවී ගිය  ආසන්නයේ ඩෑන් ප්‍රිය සාද් ගේ අපහාසය ඔහුටම කොඩිවිනයක්ම වූ බවට සිතා ඇතමුන්ට ඕනෑ නම් හිත හදාගන්නටත් පුළුවන.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ත්‍රස්තයෝ නිරායුද සිවිල් මිනිස්සු දුසිම් ගණන් මරා දමති… ඉන්දියාව කම්පා කළ ත්‍රස්ත ප්‍රහාරයේ කතාව…

Next Post

පැය 24 පුරා කුණු අදින්න ඉන්නේ කම්කරුවන් 142යි… ඔවුන් බෙහෙවින්ම විඩාපත් වෙලා… මහනුවර මහ නගරසභාව කියයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.