බිලියන ගණනක මූල්‍ය වංචාවක් හේතුවෙන් සැකපිට බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි බන්ධනාගාරය තුළ තහනම් උපකරණයක් වූ ජංගම දුරකථනයක් ලඟ තබා ගැනීම සම්බන්ධව අද (03) පෙරවරුවේ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක පැවසුවේය.
සැක අංක 932 යටතේ ඇය කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාරා විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
එහිදී සැකකාරිය වෙත නඟා ඇති චෝදනාව වැඩිදුර විභාගය සඳහා කොළඹ අතිරේක දිසා විනිසුරුතුමා විසින් අදාළ නඩුව නොවැම්බර් 24 තෙක් කල් තබා ඇත.







