ශ්‍රියානි විජේසිංහ –
ඉතිරි වී තිබෙන ෆයිසර් මීලියන 6ක තොගයට කරන්නේ කුමක්ද යන්න ඔක්තෝම්බර් 31 වන දිනෙන් පසුව තීරණය කරන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
තවත් දින 5ක් ඉතිරිව ඇති බැවින් වහාම ලඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් වෙත හෝ රෝහලක් වෙත ගොස් එන්නත ලබා ගන්නැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කරයි.
රෝගය බෝවීමේ වදානමක් පවතින් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් මිලියන 2.7ක් සිටියද හතරවන වර්ධක එන්නත් මාත්‍රාව මේ දක්වා ලබා ගෙන ඇත්තේ ලක්ෂ 2ක පමණ පීරිසක් බවද මෙය කිසි සේත්ම සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයක් බවත් වෛද්‍ය ගිනිගේ මහතා පෙන්වාදේ.
මේ වන විට රෝගයේ සහ මරණ සංඛ්‍යාවේ යම් අඩුවක් පෙන්නුම් කළද දෙසැම්බරයේදී බටහිර රටවල සීත සෘතුව පැමිණෙන බැවින් නැවත රෝගය මතුවිය හැකි යැයි අධ්‍යක්ෂවරයා අනතුරු අඟවා සිටියි.







