ශ්‍රියානි විජේසිංහ –
අත්‍යවශ්‍ය ඖෂධ විශාල සංඛ්‍යාවක් රෝහල්වල නොමැති මොහොතක සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කෝටි ගණක් වැය කර සකස් කළ ඖෂධ දත්ත පද්ධතිය ඉවත් කර නව දත්ත පද්ධතියක් ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න සඳහන් කරයි.
රෝහල්වල ඖෂධ හිඟයට මූලික හේතුව ඖෂධ කළමණාකරණය කිරීමේ දත්ත පද්ධතිය ගැටලුකාරී තත්ත්වයක් නොව රජය ඖෂධ මිලදී ගැනීමට මුදල් වෙන් නොකිරීම යැයි හෙතෙම පෙන්වාදේ.
දැනට ක්‍රියාත්මක දත්ත පද්ධතිය මාරු කිරීම නව දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සිදුවන්නේ ඖෂධ හිඟය මගහැරිම නොව තවත් උග්රවන බව යැයි හෙතෙම පෙන්වාදේ.
මේ වන විට ඖෂධවේදීන් 2500ක් දෙනා විසින් ක්‍රියාත්මක කරන දත්ත පද්ධතියේ ගැටලුවක් නැති බවත් දත්ත පද්ධතිය ක්‍රියාත්මක නොවන බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් විසින් අසත්‍ය ප්‍රචාරයන් ගෙන යමින් නව දත්ත පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කරමින් බවත් සභාපතිවරයා සඳහන් කළේය
දත්ත පද්ථතිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයන් සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට,හා කෝප් කමිටුවට, දැනුම් දෙන බවද සංගමය සදහන් කරයි.







