මේ වනවිටත් ලංකාවේ ප්‍රධාන පෙළේ තරගාවලියට එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කරමින් මේ වනවිටත් ක්‍රීඩා කරමින් සිටින උපුල් තරංග ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති කිරීමට නව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ගත් අමුතු තීන්දුව කිසිම ආකාරයක සදාචාරාත්මක නොවන පදනම් විරහිත කටයුත්තක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නද මේ වනවිටත් එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන උපුල් තරංග මේ තරග වාරයේ දැනට එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කරමින් තරග 05ක් ක්‍රීඩා කර ඇති බව වාර්තා වේ. එමෙන්ම ඔහු විදේශීය ලීග් තරගවලට තවමත් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකි.
තවමත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් කරමින් සිටින, ක්‍රීඩාවෙන් විශ්‍රාම නොගිය ක්‍රීඩකයෙක් ගෙන්වා තේරීම් කමිටු සභාපතිවරයෙක් කිරීමට තරම් ඇමතිවරයා විකල් වී ඇත්තේ කුමණ හේතුවක් නිසාදැයි නොවැටහෙන බවත්, ක්‍රිකට් ගැසීම පමණක් විශේෂ හැකියාවක්කොට සිටින උපුල් තරංග මෙවැනි සංකීර්ණ වගකීම් සහිත තනතුරකට රැගෙන එන්නට ඇමතිවරයා කරන උත්සාහය පසුපස ලෙජන්ඩ් කෙනෙක් වූ අසාර්ථක තේරීම් කමිටු සභාපතිවරයෙක් සිටින බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ක්‍රිකට් ආයතනය නම් 10කින් යුතු තේරීම් කමිටුවක් ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළේය. එම කමිටුවේ සභාපති ධූරය තරුණ ක්‍රීඩකයෙක්වන උපුල් තරංගට ලබා දෙන බව ඇමතිවරයා කීවේ පකිස්ථානයේ එවැනි තරුණ ක්‍රීඩකයෙක් තේරීම් කමිටු සභාපතිධූරයට පත් කරගෙන කණ්ඩායම ගොඩදැමූ ආකාරයත් කීවේය.
අලුත් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය එවැනි තරුණ ක්‍රිඩයකින් දන්නා නිසා තේරීම් පහසු බවත් කීවේය.
කෙසේ වෙතත් මේ වනවිට උපුල් අයියා තේරීම් කමිටු සභාපතිවනතුරු ඔහු සමග තවමත් එකම කණ්ඩායමේ ක්‍රීඩා කරන එන්.සී.සී. මල්ලිලා ශ්‍රී ලංකා කණ්ඩායමට එක මැච් එකක් හෝ තලා ගැනීමේ අභිලාෂයෙන් ප්‍රීතිමත්ව පසුවන බව ද ක්‍රිකට් ආරංචි මාර්ග හෙළි කරයි.