බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

by editor
දෙසැම්බර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

2023 දෙසැම්බර් 03 දිනට යෙදී තිබුණු අබාධ සහිත ප්‍රජාවගේ ජාත්‍යන්තර දිනය සංකේතවත් කරමින්  අබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ආරාධනයෙන් පාසල් කිහිපයක් නියෝජනය වන පරිදි විශේෂ අවශ්‍යතා සහිතදූ දරුවන් 200 කට ආසන්න පිරිසක් අද (04) පාර්ලිමේන්තුවට පැමිණියහ.

එම සිසු දරුවන්  පිරිස  පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට පැමිණි  පසු කථානායක මහින්ද යාපා අබේවර්ධන   විසින් ඔවුන් පිළිගනිමින් විශේෂ සුබ පැතුමක් එක් කළේය.

විශේෂ අවශ්‍යතා සහිතදරුවන් 200කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණීම ඉතිහාසයේ පළමු වරට සිදුවූ සුවිශේෂී සිදුවීමක් බව සිහිපත් කළ  කථානායකවරයා මෙම දූ පුතුන් ඇතුළුව ශ්‍රී ලංකාවේ සමස්ත විශේෂ අවශ්‍යතා සහිත දූ පුතුන්ගේ අනාගත ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි යනුවෙන් සිය සුබ පැතුම් එක් කළේය.

අනතුරුව මෙම සිසු දරුවන්ට, විශේෂ අවශ්‍යතා සහිතතැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී   ඩලස් අලහප්පෙරුම, සභානායක ,අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය   ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, විපක්ෂ නායක   සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී   (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ   හමුවීමටද අවස්ථාව සැලසිණි.

එහිදී අදහස් දැක්වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විශේෂ අවශ්‍යතා සහිතපුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන පනත් කෙටුම්පතේ වැඩ කටයුතු අවසන් අදියරේ පවතින බව පැවසුවේය. ඒ අනුව එම ක්‍රියාවලිය කඩිනම් කිරීම උදෙසා සහය දැක්වීම සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේම වගකීමක් බවද අධිකරණ අමත්‍යවරයා සිහිපත් කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිතදරුවන් උදෙසා අන්තර්කරණ අධ්‍යාපනය ලබාදීමේ අභියෝගය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ ජය ගැනීමට හැකි බව මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය. ඒ ඔස්සේ අබාධ සහිත දරුවන්ට සාමාන්‍ය  දරුවන් හා එක්ව අධ්‍යාපනය ලැබීම අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍යවරයා සිහිපත් කළේය.

එමෙන්ම  කුඩා අවධියේම  දරුවන් තුළ මතුවන අබාධ හඳුනාගෙන එම දරුවන් උදෙසා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෙනම ස්ථානයක් ස්ථාපිත කිරීමටද සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

මෙහිදී අදහස් දක්වමින්  විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස  ආබධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකවලට එකතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළයුතු බව ප්‍රකාශ කළේය.

එමෙන්ම අබාධ සහිත ප්‍රජාවන්ගෙන් බදු අය නොකිරීමට බදු ප්‍රතිපත්තිය සංශෝධනය   කළයුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී පැවසුවේය.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ, මහජන සේවා අංශය  විසින් මෙම දරුවන් පිරිසට අවශ්‍ය පහසුකම් හා පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය දැනුවත්කිරීම් සිදුකරන ලදී.

මෙම වැඩසටහන විශේෂ අවශ්‍යතා සහිතපුද්ගල සාංවිධාන ඒකාබද්ධ පෙරමුණේ (DOJF) සභාපති රසාංජලී පතිරගේ ගේ සම්බන්ධීකරණයෙන් සිදුවූ අතර ඒ සඳහා අවශ‍්‍ය පහසුකම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI)  විසින් ලබා දෙන ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

Next Post

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.