බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් මළ සිරුරු කීපයක් බස් රථයට යටවෙලා… එම සිරුරු ගොඩට ගන්න පොලිසිය ප්‍රදේශවාසීන් සමග දැඩි මෙහෙයුමක!

මරණ ගණන වැඩිවිය හැකි බව පොලිසිය කියයි!

by editor
මැයි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් – රංජිත් රාජපක්ෂ –

  •  ප්‍රවාහන නියොජ්‍ය ඇමතිත් සමග කථානායකවරයාත් අනතුර සිදුවූ තැනට පැමිණෙයි… රිය අනතුරු අවම කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් දියත් කරන  බව නියෝජ්‍ය ඇමති ප්‍රකාශ කරයි..

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් සිදුවූ බිහිසුණු අනතුරින් මිය ගිය පුද්ගලයින් 21 දෙනාගේ මළ සිරුරු මේ වනවිට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මිය ගිය පුද්ගලයින් කීප දෙනෙකුගේ සිරුරු බස් රථයට යට වී ඇති බවත්, ප්‍රදේශවාසීගේ ද සහාය ඇතිව එම සිරුරු මුදා ගැනීමට මේ වනවිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවය.

බස් රථයේ රියදුරාද අනතුරින් මියගොස් ඇති බව පොලිසිය කියයි.   බස්   රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ  ඩබ්ලිව්. කැළුම් චන්දන නැමැති 38 හැවිරිදි රියදුරු වරයෙකි.

බස් රථය (11) දින අළුයම 4:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, ධාවනය වෙමින් තිබූ බස් රථය තුළ මගීන් 75 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවත්, ඉන් තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවත් පොලිසිය කීවේය.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවට අනතුර පිළිබද පරික්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය සැකකරයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

අනතුර පිළිබද සොයා බැලීමට කථානායක ජගත් වික්‍රමරත්න සහ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන එම ස්ථානයට පැමිණ සිටියහ.

මෙහිදි මාධ්‍යට අදහස් දැක්වූ ප්‍රවාන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන කියා සිටියේ අනතුරින් මිය ගිය සි‍යලු දෙනාගේ පවුල්වලට රජය සිය ශෝකය ප්‍රකාශකරන බවය.

ඉදිරියේදි මෙවැනි අනතුරු සිදු වීම පාලනය කිරිමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

අනතුරින් තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකු කියා සිටියේ තමන් කතරගම සිට මහනුවර දක්වා යෑමට බස් රථයට ගොඩ වූ බවය.

“බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථය තුළ 100කට ආසන්න පිරිසක් සිටියා. පාන්දර එක පාරටම බස් එක ඇදිලා යනවා දැනුනා. ඊට පස්සේ බස් එක තේ වත්ත පැත්තට පෙරලෙන ගමන් මම අමාරුවෙන් එලියට ඇවිල්ලා පුළුවන් අයව එලියට ගත්තා.” යනුවෙන් පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉන්දියානු කෙල්ලන්ගෙන් ලකුණු 342ක දැවැන්ත ඉලක්කයක්!

Next Post

බස් අනතුරු දෙකකින් බරපතල තුවාල ලද පිරිස් කොළඹ ගෙනෙන්න හෙළිකොප්ටර් 02ක් සූදානමින්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.