දිනසේන රතුගමගේ –
වසර දොළහක් බන්ධනාගාර ගත කොට සිටි මුලතිව් උඩයාර්කට්ටුවේ දෙමළ දේශපාලන සිරකරුවකු 16 දා කොළඹ මහේස්ත්රාත් අධිකරණය මගින් නිද්හස් කොට තිබේ.
යුද්ධයේ අවසන් කාලයේදී ඕමන්ත ප්රදේශයේදී 2009.05.18 දින මොහු යුද හමුදාවට බාර වීමෙන් පසුව ඔහුව රජයේ පුනරුත්ථාපන කාර්යාවලියට යොමු කිරීමෙන් පසුව 2010 වසරේදී නිදහස් කොට තිබේ.
පසුව ආරක්ෂක අංශ විසින් මොහුව යළි අත් අඩංගුවට ගෙන බූස්ස කඳවුරේ රඳවා සිටි අතර ඔහුව නිදහස් කරණ ලෙස ඉල්ලා ගොණු කළ අභියාචනා කීපයකින් පසුව ඔහුව නිදහස් කොට තිබේ.
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි ඔහුව අධිකරණ නියෝගය බන්ධනාගාරයට ලැබුණු පසු නිදහස් කොට මුලතිව් ප්රදේශයට යැවීමට පියවර ගෙන තිබේ