නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තොම්බර 01 දා අළුයම 4 තෙක් දීර්ඝ කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී මෙම තීරණය ගෙන ඇත.
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සංචරණ සීමා පනවනු ලැබූ අතර එය ඉකුත් අගෝස්තු මස 31 වෙනිදා සිට නැවතත් දීර්ඝ කිරීමට තීරණය කෙරිනි.