මහා බැංකු අධිපති ලෙස ආචාර්ය අජිත් නිවාඩ් කබ්‍රාල් පත්වීමත් සමගම මහ බැංකු බැඳුම්කර වංචාවේ ලිපිගොනු භාරව සිටි ශ්‍රී ලංකා මහා බැංකු මුල්‍ය මණ්ඩලයේ ලේකම් නියෝජ්‍ය මහා බැංකු අධිපති කේ.එම්.ඒ.එන් දවුලගල එම ධූරයෙන් ඉවත් කර ඇත.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා වත්මන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට චෝදනා එල්ලවන වෝහාරික විගණනයට අදාල සියලු ලේඛණ තිබුණේ ඇයගේ භාරකාරිත්වය යටතේ බවත් වංචාවට සම්බන්ධ නීතිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය කළේ ඇය බවත් වාර්තා වේ.
එමෙන්ම මහා බැංකු බැඳුම්කර වංචාව ඉදිරිපත් වූ අවස්ථාවේ සිට වෝහාරික විගණනය, ජනාධිපති කොමිෂන් සභාවට අදාල සියලු කටයුතු සඳහා වෘත්තීය වගකීම රැඳී තිබුනේ කේ.එම්.ඒ.එන් දවුලගල යටතේ බව පැවසේ.
බැඳුම්කර වංචාවට අදාල පිලි ගොනුවල සටහන් වෙනස් කිරීමට එයට සම්බන්ධ පිරිස් උත්සාහ දැරූ අවස්ථාවේ එය වළක්වා තිබුණේ ද ඇය බව පැවසේ.
ඊ.ඒ.පී එදිරිසිංහ මූල්‍ය සමාගමට අදාළ විගණනයේ මූලිකත්වය දරා තිබුනේ ඇය විසිනි.
මේ පිළිබඳව කළ විමසීමක දී මහබැංකු ප්‍රකාශකයෙක් පැවසුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම් තනතුර දරන්නේ මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක් බවත්, වසර කීපයකින් එම තනතුර මාරු වීම සාමාන්‍ය දෙයක් බවය. මහබැංකු අධිපතිවරයෙක් පත්වූ විට බොහෝ විට මෙම තනතුර වෙනස්වන බව ඔහු පැහැදිලි කළේය..
මේ වනවිට මූල්‍ය මණ්ඩලයේ ලේකම් තනතුරට නියෝජ්‍ය මහබැංකු අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න පත් කර තිබේ.