දිනසේන රතුගමගේ –
දිනසේන රතුගමගේ –
නීති විරෝධී ලෙස උතුරු මුහුදට පැමිණ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා තුනක් නාවික හමුදාව විසින් යාපනයේ ඩෙල්ෆ්ට් මුහුදු තීරයේදී ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ දී අත් අඩංගුවට ගේ තිබේ.
උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලගණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් යොදවා මෙම ධීවරයින් යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී bottom trawling පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටියදීය.
නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා තුන නාවික හමුදාව බාරයේ තබා ගෙන ඉන්දීය ධීවරයින් 11 දෙනා කන්කසන්තුරය වෙත රැගෙන විත් ඇති අතර ඔවුන්ව ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත බාර දී ඇත.
මෙසේ අත් අඩංගුවට පත් ඉන්ධීය ධීවරයින් 11 දෙනාම රාමේස්වරන් ප්‍රදේශයේ පදිංචි ධීවරයින්ය.
ඔවුන් විසින් උතුරු මුහුදෙන් අනවසරයෙන් අල්ලා ගන්නා ලද මාලු කිලෝ ග්‍රැම් 1200 ක් පමණද නාවික හමුදා බාරයට ගෙන තිබේ.