වැඩ වර්ජන කළ යුතු වෙලාවල් ඇති බවත්, ජාතික අපදාවක් ඇති අවස්ථාව වසංගතයක් පැතිරෙමින් ඇති අවස්ථාවක යුතුකම් පාවා දෙමින් අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කටයුතු නොකරන බවත් එම සංගමයේ සභාපති කොළඹ විශ්විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියති.
ආනන්ද හිමියන් කියන්නේ ජනාධිපතිවරයා තමන්ට දුරකථනයෙන් කතා කර වෘත්තීය පොරොන්දු ඉටු කිරීමට එකඟ වූ බවය.
“හෙද කාර්යමණ්ඩලයට මා කියන්නෙ…ඔබේ අයිතිවාසිකම් සහ හිමිකම් පිළිබඳව අංශු මාත්‍රයකවත් සැකයක් හිතා ගන්න එපා. මට වාර්තා වුනා සමහර සංගම්වල නායකයො ගිහින් හෙද නිලධාරීන්ට බලපෑම් කරනවා කියලා. වැඩ කරන්න දෙන්නෙ නැහැ කියලා. එහෙම සිද්ධි තියනවා නම් වහාම අපේ සංගමයට වාර්තා කරන්න.”
තමන් දැනටමත් ඉල්ලීම් හතරක් ජයග්‍රහණය කර ඇති බව ආනන්ද හිමියෝ කීහ.