ඇෆ්ගනිස්ථානය තුල ජනමාධ්‍ය මුහුණ දී සිටින කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තලේබාන් පාලකයන් විසින් වළක්වා තිබේ.
ඇෆ්ගනිස්තානයේ මාධ්‍ය සම්මේලනයේ විසින් කාබුල් හිදී කැදවා තිබූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට විවිධ මාධ්‍ය සංවිධානවල නියෝජිතයින් 11 දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබිණ.
අවසර ලැබෙන තුරු එය නොපවත්වන ලෙස තලේබාන් ආණ්ඩුව දැනුම් දී ඇති බව ඇෆ්ගනිස්තාන මාධ්‍ය සම්මේලනයේ ප්‍රධානී Ali Asghar පැවසීය.
මේ පිළිබදව අදහස් දක්වමින් තලේබාන් පාලකයන් පවසා තිබුණේ ඇෆ්ගනිස්තාන ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සැලසුම් කර තිබූ සම්මන්ත්‍රණය ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ නිලධාරීන්ගේ වාචික නියෝගය හේතුවෙන් අවලංගු කිරීමට සිදු වූ බවයි.
තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලයට පත්වීමත් සමඟ මාධ්‍ය ක්‍රියාකාරකම්වලින් සියයට 43කට වැඩි ප්‍රමාණයක් නතර වී ඇති අතර මාධ්‍යවේදීන් සියයට 60කට පමණ රැකියා අහිමි වී ඇති බව එරට වාර්තාවල දැක්වේ.







