තරග පාවාදීම සම්බන්ධව චෝදනා ගොනුකර ඇති හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි විශේෂ විමර්ශන ඒකකය විසින් අද (16) උදේ අත් අඩංගුවට ගෙන තිබේ.
නිතඥයෙක් සමග අද ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගෙන ඇති අතර අද ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2021 වසරේ දී හම්බන්තොට පැවැති ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය අතරතුර සචිත්‍ර සේනානයක ඩුබායි හි සිට කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකිං කන්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙකුට මුදලට තරග පාවා දීම සඳහා යෝජනා කළ බව අනාවරණය වීමත් සමග මෙම තරග පාවා දීමේ චෝදනාව ඔහුට ගොනු විය.
එම ක්‍රීඩකයන් සචිත්‍රගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඒ සම්බන්ධව තොරතුරු හා සාක්ෂි සාධක සහිතව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත සිද්ධිය වාර්තා කර තිබිණි.
අයිසීසී ය මේ පැමිණිල්ල මෙරට පිහිටුවන ලද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකය වෙත යොමු කළේය. විමර්ශනය ආරම්භ වූයේ ඒ අනුවය.
වසර දෙකක කාලයක් තිස්සේ විමර්ශනය සිදුකරමින් තිබිණි. සචිත්‍ර අත් අඩංගුවට ගන්නේ තීරණාත්මක සංචාරයක් සඳහා අයි.සී.සී. දූෂණ මර්ධන ඒකක ප්‍රධානී ඇලෙක්ස් මාෂල් ලංකාවට පැමිණ නීතිපතිවරයා හා සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
මෙම අත් අඩංගුවට ගැනිමට පෙර සචිත්‍ර සේනානායකට මාස 03ක කාලයක් සඳහා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.
එම නියෝගය ලබාගෙන තිබුණේ අපරාධ චෝදනා යටතේ තරග පාවාදීමේ විමර්ශනවලට අදාලව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුය.