සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරගාවලියෙන් පසු කොරියාවේ දී අතුරුදහන් වූ  ශ්‍රී ලංකා රග්බි නායිකාව ගැන තවම තොරතුරක් නෑ…  කොරියානු  පොලිසිය පළාත පීරයි…

හෙට ලංකාවට එන්නට පෙර කෙසේ හෝ ඇයව සොයා ගැනීමට හැකි වේවි... විමර්ශන අංශ විශ්වාසය පල කරයි!

by editor
නොවැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර ලෙස ඊයේ දකුණු කොරියාවේ ඉන්චෙං නුවර දී අවසන් වූ දෙදින තරගාවලියෙන් පසු අතුරුදහන් වූ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලිකොන්දගේ  සොයා දැඩි පොලිස් මෙහෙයුමක් ආරම්භ වී තිබේ.

කාන්තා කණ්ඩායමේ කළමනාකාරීනිය ඇයගේ අතුරුදහන්වීම සම්බන්ධව  ඉන්චෙං පොලිසියට පැමිණිලි කිරීමත් සමග  ඇය සොයා මෙම මෙහෙයුම  ආරම්භ කර ඇතැයි දකුණු කොරියානු ආරංචි මාර්ග වාර්තා කළේය.

එරට ආරක්ෂක වැටලීම් සහ සීසීටීවී ඇතුළු ආරක්ෂක පද්ධතිය ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් කඩිනමින් ඇය සොයා ගැනීමට හැකිවනු ඇතැයි ද ඉන්චෙං පොලිසිය ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ කළමනාකාරිනිය ආචාර්ය සමන්තා නානායක්කාරට ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඊයේ දහවල් කාන්තා තරගාවලියේ හොංකොං කණ්ඩායම සමඟ පැවැති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අවසන් තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහ පිලිපීන ක්‍රීඩකයන්ගේ තරගය නැරඹීමට සිය කණ්ඩායම සමඟ අසුන්ගෙන සිටි දුලානි ත්‍යාග ප්‍රදානය කිරීමෙන් පසු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

ඇය ඊට පෙර මාධ්‍ය හමුවට ද එක්වී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තරගාවලියෙන් පසු යළි හෝටලය කරා යෑමට බස් රථය අසලට පැමිණීමෙන් පසු දුලානි එහි නොමැති බව දැනගත් කණ්ඩායමේ කළමනාකාරිනිය ක්‍රීඩා මණ්ඩපයේ ශබ්ද විකාශන යන්ත්‍ර ආධාරයෙන් ඇයට සිංහල බසින් පණිවිඩ දෙකක් නිකුත් කළද, ඇය පැමිණ නැතැයිද, පසුව කණ්ඩායම් දෙක හෝටලය කරා පිටත් කොට පිරිමි කණ්ඩායමේ කළමනාකරු සමඟ දකුණු කොරියානු රග්බි සංගමයේ නිලධාරීන්ට මේ බව දන්වා ඇතැයි ද, අනතුරුව පොලිසිය සමඟ එක්ව දුලානි සොයා ගැනීමට උත්සාහ කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි රග්බි කණ්ඩායම් අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත අතර, ඊට පෙර දුලානි සොයා ගැනීමට දකුණු කොරියානු පොලිසිය දැඩි උත්සාහයක නිරතව සිටින බවට තොරතුරු වාර්තා වේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගත යුත්තේ නිවැරදි තීන්දු… ජනප්‍රිය තීන්දු සමග තවදුරටත් ගමනක් නෑ… ජනපති අයවැය ඉදිරිපත් කරමින් කියයි!

Next Post

වසන්ත මුදලිගේ පළමු වරට අධිකරණය හමුවට!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.