සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරගය පරාදයි… ඒ පරාජය ගෞරවනීයයි… සටන්කාමීයි…

by editor
අප්‍රේල් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එය ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය විදහා දැක්වූ තරගයකි. තරගය පරාදය. තරගාවලියත් පරාදය. නවසීලන්තය දිනුම්ය. එහෙත් අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ  පරාජය ගෞරවණීයය. සටන් කාමීය.

නවසීලන්ත කණ්ඩායම අන්තිම ඕවරයේ අන්තිම පන්දුවට පෙර සිය ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 182 පසු කර ගියේය.

අවසන්  ඕවරයේ ජයග්‍රහණය සඳහා නවසීලන්තයට  ලකුණු 10ක ඉලක්කයක් හිමි වී තිබිණි. පන්දු යැව්වේ ලහිරු කුමාරය. ලහිරු කුමාරගේ පළමු පන්දුවට පන්දුවට පහර දෙමිනි සිටි මාර්ක් කැම්ප්මන්ගෙන්  ලකුණු 06කි. ප්‍රමෝද් මධුෂාන් ගේ පන්දුවක් කෙලින්ම හිස් ආවරණයේ වැදී තරමක් චකිතයෙන් සිටි කැම්ප්මන් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සම්බන්ධ සලකුණක් තබමින් ඒ හයේ පහර එල්ල කළේය. එතේ ඊලඟ පන්දුවේ චරිත් අසලංක අතට ලබා දුන් උඩ පන්දුවෙන් ඔහු දැවී ගියේය.

හයේ පහරින් පසු ලහිරු යැවූ    පන්දු තුනේදී දුවද්දී දැවී යෑමක් සමග කඩුළු 03ක් පිට පිට දැවී ගියේය. ඒ පන්දු තුනෙන් එක්ක වයිඩ් පන්දුවකි.

පස්වන පන්දුවේ දී දුවද්දී දැවී යෑමට හසු කරගැනීමක් ගිලිහී ගියේය. ඒ අවස්ථාව ලහිරු කුමාරට ලබා ගත හැකි වී නම් තරගයේ තීන්දුව වෙනස් වීමට ඉඩ තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එහෙත් ඒ ගෞරවාන්විත තරගය ක්‍රීඩා ලොලී ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් ක්‍රීඩාවේ වින්දනය ගෙන එනු ලැබුවේය.

ශ්‍රී ලංකාව නවසීලන්තය අතර  තුන්වන  පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය පැවැත්වුනේ  කුවින්ස්ටවුන්හිදීය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 48ක් තුළ හතරේ පහර හයක්  සහ හයේ පහර පහක් මගින් මනරම් ලකුණු 73ක් ලැබීය. ඔහු ලකුණු 54ක් ලැබුවේ හතරේ පහර සහ හයේ පහරවලිනි.

තුසල් මෙන්ඩිස්…

කුසල් පෙරේරා හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් පනුද් 21 දී ලකුණු 33ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය.

ධනංජය දසිල්වා  පන්දු 09ක දී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20ක් ලැබුවේ. පැතුම් නිශ්ශංක හතරේ පහර හතරක් සමගින් පන්දු 25ක දී ලකුනු 25ක් ලැබුවේය.

බෙන් ලිස්ටර් නවසීලන්තය වෙනුවේන ලකුණු 37ට කඩුලු 02ක්,  සහ ඇඩම් මිල්නේ සහ ඉෂ් සෝධි කඩුල්ල බැගින් ලැබුවේය.

නවසීලන්තය ජයග්‍රහණය වෙත ඔසවා තැබු ක්‍රීඩකයා ටිම් සෙයිෆර්ට්ය. පන්දු යවා ප්‍රමෝද් මධුශාන් විසින්ම උඩ පන්දුවක් රැකගෙන ඔහුව දවා ගන්නා විට ටිම් පන්දු 48ක දී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමගින් අලංකාර ලකුණු 88ක් ලබා ගත්තේය.

ටිම් සෙයිෆර්ට්

නායක ටොම් ලැතම් පන්දු 23ක දී ලකුණු 31ක් ලැබුවේය. ඒ හතරේ පහරක් හා හයේ පහරක් සමගිනි.

ඇත්තට අනෙක් ක්‍රීඩකයින්ට තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට ලොකු දෙයක් කිරීමට තිබුණේ නැත.

නමුත් අවසන් පන්දු ඕවර හතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් යැවූ ආකාරය තරගය යළි පුදුමාකාර ජීවයකින්  පිරෙව්වේය.

කසුන් රාජජිත මෙන්ම ප්‍රමෝද් මධුෂාන් ගේ පන්දු වාර නිමා වී තිබුණු අවස්ථාවේ තරගයේ ජයග්‍රහණය දෙපිලටම දෝලනය වෙමින් ඇති මොහොතක අවසන් පන්දු වාරයට යැවීමට පැමිනි ලහිරු කුමාරට අවසන් ඉලක්කය ගිලිහී ගියේය.

ලහිරු පන්දු ඕවර 3.5ක දී ලකුණු 38 කඩුළු 03ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 22ට කඩුළු 01, ප්‍රමෝද් මධුෂාන් ලකුණු 38 කඩුළු 01ක් ලැබුවේය. දුවද්දී දැවී යෑම් 02කි. නවසීලන්ත කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 183ක් ලබා තරගය ජයග්‍රහණය කළේය. තරගයේ වීරයා ටිම් සෙයිෆර්ට්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාව භූතානය අතර සම්බන්ධතා තරවෙයි

Next Post

පේරාදෙණියේ ගැබිනි මවට මරු කැඳවූ බවට සැක කරන නිර්වින්දන ඖෂධය  රජයේ රෝහල්වලින් ඉවතට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.