වයඹ පළාතේ පාසල්වල ගුරුවරුන්ට තමන්ගේ පාසලේ දරුවන් දරුවන්ට මුදලට ටියුෂන් දීම වහාම නතර කරන බව වයඹ පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
ඔහු මේ බව පැවසුවේ වයඹ පළාතේ 2023 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය ,අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හා අ.පො.ස. උසස් පෙල විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් පාසල් ඇගයීම සඳහා කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ඊයේ (28) පැවැති උත්සවයකදී ය.
“වයඹ පළාතේ පාසල්වල ගුරුවරුන්ට තමන්ගේ පාසලේ දරුවන් දරුවන්ට මුදලට ටියුෂන් දීම වහාම නතර කරනවා. එහෙම කරලා අහුවුනොත් ස්ථාන මාරු කරනවා. ඒත් අහන්නේ නැත්නම් රැකියාව අහිමිවන තැනට පත් කරනවා. ඊට අදාළ චක්‍ර ලේඛනය ලඟදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ” ආණ්ඩුකාරවරයා පැවසුවේය.
වයඹ පලාතේ අති දුෂ්කර ප්‍රදේශවල පාසැල් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නේ එම ගුරුවරුන් විදුහල්පතිවරුන්ගේ විශිෂ්ට කැපකිරිම් නිසා බවත් ඒ ප්‍රතිඵළය සමස්ථයක් ලෙස පලාතම භුක්ති විඳනා බවත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.
“වයඹ ජාතික මට්ටමට වඩා ප්‍රතිඵල ඉහළයි .ධනාත්මක අගය සියයට දෙකයි දශම පහක (2.5%) වැඩිවීමකින් වයඹ ජාතික මට්ටමෙන් පළාතක් හැටියට හතරවන තැනට ඇවිත් තියෙනවා. නමුත් වයඹ ජාතික පාසල් වලින් ලැබෙන ප්‍රතිඵලය මදි .මම අධ්‍යාපන ඇමතිතුමා සමගත් කතා කළා .ජාතික පාසල්වල ප්‍රතිඵලය මීට වඩා ඉහළට අරගෙන දුන්නොත් පළාතක් විදිහට අපිට ඉහළට එන්න පුළුවනි. කලාප මට්ටමින් වයඹ සියලුම විදුහල්පතිවරු හමුවී අධ්‍යාපනය ගැන සාකච්ඡා කරනවා.” ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කීවේය.







