දිනසේන රතුගමගේ –
යාපනයේ ඩෙල්ෆ්ට් අකුරුතුරෙයි ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කපා කොටා ඝාතනය කළ බවට සැක කරණ පුද්ගලයින් පස් දෙනෙකුගේ මළ සිරුරු පහක් පොලිසිය විසින් අද ( 22) සොයා ගෙන තිබේ.
මෙම මළ සිරුරු පහෙන් තුනක් කාන්තාවන්ගේ වන අතර අනෙක් මළ සිරුරු දෙක පිරිමි පුද්ගලයින්ගේ මළසිරුරු බව ඩෙල්ෆ්ට් පොලීසිය ප්‍රකාශ කළේය.
මේ අතර එම නිවසේම තවත් කාන්තාවක් කැපුම් කෙටුම් තුවාල සහිතව පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර ඇයව පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කොට ඇති අතර ඇගේ තත්ත්වයද බරපතල බව ඩෙල්ෆ්ට් රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී විදේශ රටක සිට පැමිණි තුන් දෙනෙකු මෙම නිවසේ සිට ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර බරපතල තුවාල ලබා සිටින කාන්තාවද එසේ පැමිණි තිදෙනාගෙන් එක් අයෙකි.
මෙම ඝාතනයන් කවුරුන් විසින් කෙසේ සිදු කරන ලද ඝාතනයක්ද යන්නත් එම ඝාතන වලට හේතුවත් මෙතෙක් අනාවරණය වී නොමැත.
ඩෙල්ෆ්ට් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.