ශ්‍රියානි විජේසිංහ –
අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී කොළඹ – මතුගම මගී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් පස් දෙනෙක් මිය ගොස් තිබේ.
ලිබර්ටි වටරවුමේ සිට ඩුප්ලිකේෂන් පාරේ මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම බිහිසුණු අනපේක්ෂිත අනතුර සිදුවී තිබිණි.
අනතුරින් පුද්ගලයින් 17දෙනෙක් තුවාල ලැබූහ. මගීන් දෙදෙනෙක් බස් රථය තුළ අතිශයින්ම දුක්ඛිත ලෙස සිරවී සිටියහ. පොලිසිය සහ ගුවන් හමුදාව විසින් ඔවුන් බස් රථයෙන් මුදවා ගත්තේ දැඩි පරිශ්‍රමයක් යොදමිනි. සියලුදෙනා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි.
මිය ගොස් ඇති පුද්ගලයින් පස් දෙනාම පිරිමි පුද්ගලයින්ය. තවත් සිවු දෙනෙක් බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.