ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වූ ඩිලාන් සේනානායකට පසුගිය 14 වැනිදා තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ ඩිලාන් සේනානායක පසුගිය 14 වැනිදා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙ ඇත්තේ වයස අවරුදු 44 සිට 28 දක්වා පසුවන පුද්ගලයින් සිවු දෙනෙකි.
මෙම අපරාධය සඳහා යොදාගත් පිහි 02ක් සහ ත්‍රිරෝද රථයක්ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇත.
ගාලුමුවදොර අරගලය වකවානු දී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු සමග සම්බන්ධතාවයක් ඇතිකරගෙන සිටි තරුණියකට ඩිලාන් සේනානායක විසින් සිදුකළ බව කියන සමච්චලයකට පළි ගැනීම සඳහා මෙම පිහි ප්‍රහාරය එල්ල වී ඇතැයි විමර්ශන අංශ පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත භාරදී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.







