දිනසේන රතුගමගේ
මුලතිව් උඩප්පුකුලම ප්‍රදේශයේදී වයස අවුරුදු 32 ක තරුණයෙකු ටී-56 වර්ගයේ ගිනි අවියක් හා පතරොම් 160 ක් සමග 25 දා මුලතිව් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මුලින්ම පොලීසියට ලැබුණු තොරතුරක් මත මුලතිව් ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මෙම තරුණයාව අත් අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීවලදී ළඳු කැළැයක සඟවා තිබූ ටී-56 ව ගිනි අවිය හමු වී තිබේ.
පසුව තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ සඟවා තිබූ ටී-56 අවියට යොදනු ලබන පතරොම් සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබේ.
පොලීසියට තොරතුරු ලබාදුන් පුද්ගලයින් ප්‍රකාශකොට ඇත්තේ ඔහු මේ ටී-56 වර්ගයේ ගිනි අවිය රැගෙන වන සතුන් දඩයමේ යන බවත් ඉද හිට ඔහු එම ගිනි අවියෙන් වෙඩි තබන ශබ්ද ඇසෙන බවත්ය.
එම ටී-56 වර්ගයේ ගිනි අවිය ඔහුට කැළයේ තිබී හමු වූ බවත් ආසාවට ඔහු එය ළඟ තබාගෙන සිටි බවත් පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
අත් අඩංගුවට ගත් තරුණයාව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට මුලතිව් පොලීසිය පියවර ගෙන ඇත.







