සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටී.බී. සරත් ලඟ තියාගෙන ඩඩ්ලි කියපු කතාව… සංවර්ධන ව්‍යාපෘතිවලට බැංකුවලින් ණය දීලා තියෙන්නේ 14% යි… මේක ජනාධිපති තුමාට කියන්න… කිව්වේ නැතිනම් මම කියනවා…

by editor
ඔක්තෝබර් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  .

රටේ බැංකුවලින් සියයට   සියයට 86ක්  ණය ලබා දී ඇත්තේ  වාහන මිලදී ගැනීමට සහ රත්තරන් බඩු උකස් අරවා ගැනීමට බවත්, සංවර්ධන ව්‍යාපෘතිවලට ලබා දී ඇත්තේ සමස්ථ ණය ප්‍රතිශතයෙන් සියයට 14ක් පමණක් බවත් අරලිය සමූහෝ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන   සඳහන් කළේය.

තමන් අසල දැන් සිටින දේශපාලන අධිකාරිය මේ ඇත්ත  ජනාධිපතිවරයාට නොකියන්නේ නම් තමන් එය කියන බවත්, විශාල බලයක් සහිතව මේ ආණ්ඩුව පත් කරගනු ලබන්නේ මේ රටේ සංවර්ධනයක් අපේක්ෂාවෙන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණ වැඩසටහන යටතේ පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ අවස්ථාවට අද ( 28 ) සහභාගි වීමෙන් අනතුරුව, ඩඩ්ලි සිරිසේන   ඒ බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම්  නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි   ඇතුළු දේශපාලන අධිකාරිය ද පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් එස්. ඒකනායක   ඇතුළු  රාජ්‍ය අංශ ප්‍රධානීන් පිරිසක් ද  එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් වැඩිදුරටත් කතා කළ ඩඩ්ලි සිරිසේන   මෙසේ ද පැවසීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“අපි දේශපාලනය කරලා හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු, මේ ආණ්ඩුව මීට අවුරුද්දකට පෙර ගත්ත තීන්දුවක ප්‍රතිඵල අපට පේනවා. හැබැයි මදි, අඩුපාඩු කතා කරන්න හුඟක් අය ඉන්නවා. හැබැයි හොඳ දේ කතාකරන්න ඉන්න පිරිස අඩුයි, නමුත් රජය වගකීමක් හැටියට අරගෙන තියෙන්නෙ මල්වට්ටියක් නෙමෙයි. බෝම්බ වට්ටියක්.”

” රජය දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් යම් අඩුපාඩු කම් සිදු කරනවා, රාජ්‍ය නිලධාරීන්ගේ කායික හා මානසික තත්ත්වය ගොඩනැගීම ද අපේ යුතුකමක් වෙනවා. හැබැයි ඇමතිතුමා මේක ජනාධිපතිතුමාටත් කියන්න ඕනේ. නැත්නම් මම හරි කියනවා.”

“ මම දැන් සති දෙක තුනක ඉඳලා නිව්ස් එකක් දකිනවා අපේ බැංකු පිළිබඳව.  රටක අපි ශක්තිමත් වුණොත් පමණයි රජයට මේ වගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යන්න පුළුවන්. අපි මේවා කළා කියලා බදු සහන දෙන්නෙත් නෑ.

“රටක යහපත් සංවර්ධනයක් ඔබතුමාගේ නායකයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒක කරන්නත් ඕනේ. පහුගිය කාලවලදී බැංකු වලින් ලබාදීලා තියෙන ණය වර්ග කිරීමේ දී, සියයට අසූ හයක් ණය දීලා තියෙන්නෙ වාහන මිලදී ගන්නයි. රත්තරන් බඩු උකස් අරවා ගන්නයි. ඉතිරි සීයට දාහතර තමයි සංවර්ධනයට දීල තියෙන්නෙ.”

“ඔබතුමාලට මේ රටේ ජනතාව අසීමිත බලයක් දුන්නා, අපිත් දේශපාලනයට ළඟින්ම සම්බන්ධ මිනිස්සු.  ඔබතුමාලගේ ජයග්‍රහණයට අපි සම්බන්ධ වුණේ මේ රටේ ප්‍රශ්න ටික විසඳා ගන්න. පනතක් සම්මත කරලා බැංකුවට නියෝග කරන්න අඩුම වශයෙන් බැංකු වලින් ණය ලබාදීමේදී සීයට 30 ක් රටේ සංවර්ධන හා සංචාර කර්මාන්තය දියුණු කරන්න දෙන්න ඕනේ කියලා.”

“පහුගිය ආණ්ඩු ඒ වගකීමක් නොකළ නිසා තමයි අපේ රටේ ජනතාව මේ ප්‍රතිඵල අත්විඳිමින් තිබෙන්නේ. ඔබතුමාලට විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා රටේ මිනිසුන්ගේ ආර්ථිකය ගොඩනගන ගමන් රටේ සංවර්ධනයක් සිදුකරන්න. රජයත් ,රාජ්‍ය නිලධාරිනුත්, ව්‍යාපාරිකයන් වශයෙන් අපිත්, එකට එකතු වෙලා  මේ අභියෝගය ජයගමු කියන යෝජනාව මා කරනවා”. යයි ඩඩ්ලි සිරිසේන   වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාෆියා වගේ ද අප්පා සෙව්වන්දි…

Next Post

දකුණු ආසියිවේ වේගයේ රැජන – ෂෆියා යමික් පිළිගන්න උපන් ගමෙන් උත්සවයක්…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.