අසේල කුරුළුවංශ –
ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක් දිනා දුන් ෂෆියා යමික් ක්‍ව පිළිගැනීමේ උත්සවයක් ඇගේ උපන් ගමවූ මහනුවර කටුකැලේදී අද (28) පැවැත් විනි.
විවෘත වාහනයකින් කටුකැලේ ප්‍රදේශයට ෂෆියා යමික් මෙන්ම ඇගේ පුහුණුකරුවූ එම්.පී. විතාන ද රැගෙන ආ අතර එහිදී ප්‍රදේශවාසීන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ඔවුනට හිමි විය.
මෙහිදී අදහස් පළ කළ ෂෆියා යමික් මෙන්ම පුහුණුකරු එම්.පි. විතාන ද සඳහන් කළේ ෂෆියාගේ මීළඟ අභියෝගය ආසියානු ක්‍රීඩා උළෙල බවයි.
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ඉතා හොඳින් පුහුණුවී ඉදිරිපත්වීමට බලාපොරොත්තුව බව ෂෆියා මෙහිදී සඳහන් කළාය.

තමන්ගේ ඉදිරි ගමනට අතහිත දුන් සියලු දෙනාට මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයට, යුද හමුදාවට, තමන් ඉගෙන ගත් පාසල වූ විහාර මහා දේවි බාලිකාවට පුහුණුකරුවන්ට හා දෙමව්පියන්ට තම ස්තූතිය පුද කරන බවද ඇය පැවසුවා.
ඉදිරි ඔලිම්පික් තරගාවලියට සහභාගීව ශ්‍රී ලංකාවට කුමන හෝ පදක්කමක් ලබාදීමේ බලාපොරොත්තුව ඇය සඳහන් කළා.
මෙම අවස්ථාවට ෂෆියා ගෙ දෙමව්පියෝ, මහනුවර නියෝජ්‍ය පුරපති රුවන් කුමාර, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ ඇතුළු පිරිසක් එක් වී සිටියහ







