දිනසේන රතුගමගේ –
මේ රටේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂයවන දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරයා දෙමළ ඩයස් පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව පැවසීම විහිලුවක් බවත් ඔහු මේ ප්‍රකාශය සිදු කරන ලද්දේ ජාත්‍යන්තරය රැවටීමට බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ඊයේ 22 පැවසීය.
ජනාධිපතිවරයා ජිනීවා මානව හිමිකම් මණ්ඩලය අමතමින් කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ රජයේ දෙබිඩි ප්‍රතිපත්තිය බව පැවසූ මන්ත්‍රීවරයා 2009 මැයි 26 වෙනිදා බැන්කී මූන් විසින් නිකුත් කරණ ලද ඒකාබද්ධ ප්‍රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුකූලතාවය දැක්වූ අවස්ථාවේදී දෙමළ දේශපාලන පක්ෂ හා විද්වතුන් කැමැත්ත පල කළත් බැන්කී මූන්ගේ ප්‍රකාශයට ශ්‍රී ලංකාවෙන් මේ දක්වා ප්‍රතිචාර ලැබී නොමැති බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.