පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ දශක ගණනාවක සමෘද්ධිය අහිමි කළ බවත් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වීම සඳහා තම රජය කැපවී සිටින බවත් එක්සත් ඊයේ (22) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත්, ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම තම රජයේ දැඩි අරමුණ බවත් ජනාධිපතිවරයා කීය.
එම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශවකරුවන් සමඟ සම්බන්ධවීමට සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට රජය සූදානම් බවද ඔහු සඳහන් කළේය.
ඇෆ්ගනිස්තානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂාව කිරීම දිරිමත් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.