ටැන්සානියාවේ බුදුදහම පිහිටුවා සියවසරක් ගතවීම සමරන්නට ගොස් ඉතියෝපියාව හරහා යළි රටට පැමිණි බෞද්ධ දූත කණ්ඩාමේ තවත් තුන්දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමත් සමගම මේ පිරිසට වැළඳී ඇත්තේ ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ද යන්න සොයා බැලීම සඳහා ජාන අනුක්‍රමික විශ්ලේෂණ සඳහා යොමු කර ඇතැයි වාර්තා වේ.
පැතිර ගිය තොරතුරත් සමග මධ්‍යම පළාත් ආණ්ඩුකරවරයා වහාම මේ කණ්ඩායම පිළිබඳ සෙවීම සඳහා මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දෙන්නේ මෙම දූත කණ්ඩායමේ ප්‍රධාන හිමිනම කටුගස්තොට ප්‍රදේශය ආශ්‍රිතව වැඩ හිඳීමය.
අනතුරුව මධ්‍යම පළාතෙන් සොයා ගත් ගමනට සම්බන්ධ වූ සිව් දෙනාගෙන් තුන්දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
දැනට දැනගන්නට ඇති පරිදි 33 දෙනෙකුගෙන් යුතු දූත කණ්ඩායමෙන් ලංකාවට පැමිණ ඇත්තේ කොටසක් පමණි. පෙරේදා කටුනායකින් ගොඩ බට පිරිස ලංකාව වෙත පැමිණ ඇත්තේ ඉතියෝපියාව හරහාය. ලංකාවට එන්නට නියමිත අනෙක් කණ්ඩායම ද ඉතියෝපියාව ඔස්සේ පැමිණෙන බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් පැය 72කට පෙර ටැන්සානියාවේ දී කළ පී.සී,ආර්. පරීක්ෂණයන්ගෙන් කොවිඩ් ආසාදිත බව තහවුරු වී නැති බැවින් කටුනායක ගුවන්තොටුපලේ දී ඔවුන් කොවිඩ් පරීක්ෂාවකට ලක් කර නැත.







